Sunday, September 4, 2016

3.අනිච්ච සවබාවය


අනිච්ච සවබාවය අට්ටීයති ,හරායති ,ජිගුජජති කියලා විස්තර කරනවා. බල්ලෙක් මස්කටු ලෙව කන්නේ මොන උත්සහයකින්ද වීරියකින්ද කුසපුරවා ගන්නා බලාපොරොත්තුවෙන්ද ? නමුත් ලැබෙන ප්‍රතිපලය කුමක්ද? අපේක්ෂිත රසයවත් ලැබුවද ? කුස පිරුනද ? උත්සහයේ වීර්යේ ප්‍රතිපලයක් තිබුනද?

මෙන්න මෙ උපමවට අනුව අනිච්ච ඇසුරු කරන්න ගියාම මහා පෙලීමකට පත්වෙනවා මෙකට අට්ටීයති (ඇට කටුව ) වගේ කියනවා. මස්කටුව කනවා වගේ පෙලීමට පත්වෙලා උත්සාහය වීර්යේ ලබන ප්‍රතිපලයක් නැ. මෙකට කියනවා හරායති ( හරයක් නැ ) කියලා. පෙලිමෙන් හරයක් නැති දේ ජී ගූ ( මල මුත්‍ර ) වගේ ප්‍රතික්ශේප කලයුතු අර්ථයෙන් ජිගුජජති කියලා කියනවා.

මෙ අපි හොදයි අශ්වාදයි යහපත් කියන මම කියන සත්වයාගේත් මගෙ කියන ලොකයේත් ලක්ෂණය එහෙමත් නැත්තම් හැටි තමයි. නමු අපි මුලාවෙන් ලොකය දකින්නේ කොහෙමද  ???...

1 comment:

  1. අට්ටීයති ,හරායති ,ජිගුජජති. සබ්බ සංඛාරේ අනිච්ච සංඥාව වඩන ආකාරය...

    ධාතු කියන්නේ සත්ත්ව පුද්ගල නොවන හේතූන් නිසා හටගත් මූලද්‍රව්‍ය කියන අර්ථයෙන්.

    පඨවි ගතිය වැඩි වුනොත් ඒ වස්තුව මස් නහර ඇට, ගස් ගල්, ලෝහ වර්ග වැනි තද දෙයක් වෙනවා.

    ආපෝ ධාතුව යමක අධික වුනොත් සෙම සොටු ලේ සැරව ජලය වැනි ඇලෙන වැගිරෙන දෙයක් වෙනවා.

    තේජෝ ධාතුව අධික වෙන්න වෙන්න රස්නය වැඩි වෙනවා. ගින්නෙහි තේජෝ ධාතුව අධිකයි.

    සුළගෙහි වායෝ ධාතුව අධිකයි. ඒ නිසා වේගයෙන් චලනය වෙනවා. අප කායික චලනයන් කරන්නේ ඒ ක්‍රියාව කිරීමට අවශ්‍ය සිතෙහි බලයෙන් ඒ අවශ්‍ය අවයවයේ උපන් වායෝ දාතුවේ ක්‍රියාකාරිත්වයෙන්.

    ආකාශ ධාතුව කියන්නේ හිස් අවකාශයට. විඤ්ඤාණය කියන්නේ දැනගැනීමට. සිත කියන්නෙත් විඤ්ඤාණයටමයි.

    අපේ හිත සුභයි නිත්‍යයි සුඛයි මගේය කියන වැරදි විපල්ලාසයන් හෙවත් විපරීත සංඥා නිසා මේ අසූචි මළමුත්‍රා වලින් ඇති වුණ කුණු ජරාවට ඇලිලයි තියෙන්නේ. ඒ නිසා දස අකුසලය ඇති වෙලා අනන්ත සසර දුකට පත් වුණා.

    පියවර 1 - භාවනා කර පලපුරැද්දක් නැති කෙනෙකුට තමන් කළ දානමය පින්කම් (භික්ෂූන් වහන්සේලාට දුන් දානය හෝ තමන් දානයකට සහභාගි වූ අවස්තාවක්, දුගී මගී යාචකයින්ට දන් දුන් අවස්තාවන්, කඨින පින්කම්, පිරිත් පින්කම් ආදිය) සිහිපත් කරගෙන සිත එකග කරගන්න පුලුවන්. දන්දෙන්න අමාරැම දේ මොකක් ද? තණ්හාවයි. තණ්හාව තමයි දුක්ඛ සමුය කියන්නේ. තමන්ගේ ඡාග ගුනය සිහි කරගන්න. දෙයක් අත්හැරීමේ හැකියාව තමන්ටත් තිටෙයනවා කියලා සිතන්න. එතකොට සිත සමාධි වෙනවා.

    දානය පාරමිතාවක් වන්නේ කොහොම ද? නිකම්ම දන් දුන්නාට පාරමිතාවක් වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍යය ගැන අවබෝධයක් ඇතිවයි දන් දියයුතු වේන්නේ. මනවඩනා රෑප අභිනන්දනා කරනකොට පංචකාම සුඛ වේදනාවක් ඇති වෙනවා. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය හෙවත් මමය මගේය කියලා දැඩිව ගැනීමක් ඇති වෙනවා. උපාදානය නිසා තණ්හාවේ පැවැත්මක් ඇති වෙනවා. ඒ කියන්නේ යම් රෑපයකින් සතුටක් ඇති වුණා නම් ඒ රෑපය වේදනාව පිළිබඳව තණ්හාව පවතිනවා. ඒකට භවය කියනවා. භවය නිසා ජාතිය ඇති වෙලා දුක හටගන්නවා. හිතන්න, අප ඒ රෑපය අභිනන්දනා නොකරනවා නම්, අනිත්‍යයි දුකයි කියලා යෝනිසෝ මනසිකාරය කරනවා නම් ඒ පංචකාම සුඛ වේදනාව නිරැද්ධ වෙනවා. වේදනා නිරෝධයෙන් තණ්හාව නිරෝධ වෙනවා. තණ්හාව නිරෝධයෙන් උපාදානය හෙවත් දැඩිව ගැනීම නිරෝධ වෙනවා. උපාදානය නිසා භවය නිරෝධ වෙනවා. ඒ රෑප වේදනා ආදියට තණ්හාව පවතින්නේ නැහැ. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙනවා. මේ දුක් රැසේ නිරෝධය වෙන්නේ මේ ආකාරයට යි. පටිච්ච සමුප්පාදය වැටහෙනවා නම් තණ්හාව නිසා දුක ඇති වුණා කියලා තමන්ටම අවබෝධ වෙනවා. දන් දෙනකොට නැති වෙන්නේ දුක්ඛ සමුදයක් කියලත් වැටහෙනවා. තමන් අභිනන්දනා කරන දෙයක් ගැන සිතලා මේ අවබෝධය ඇති කරගන්න පුළුවන්. මේ අවබෝධය ඇති කරගෙන දන් දෙන්න පුහුණු වෙන්න.

    දැන් ධාතු මනසිකාරය කරන්න ඕනේ.

    විඤ්ඤාණය දෙතිස් කුණපයෙන් ගලවාගන්න නම් පිලිකුල්දාතු කොටසක් අරගන්නඕනේ අසූචි වගේ. අසූචි කියන්නේත් පඨවිධාතුව. ඒකඅපි මම මගේකියලා ගන්නේ නැහැනේ. අසූචි පිළිකුලයි පඨවිධාතුව මම නොවේමගේ නොවේ මේකයේ කෙස් පිළිකුලයිපටවි දාතුව මමනොවේ මගේ නොවේකියලා මෙනෙහි කරන්නඕනේ මේ වගේ ලොම් නිය දත් සම් මස් නහර ඇට ආදී අනෙක් කොටස් ටිකත්හිතන්න ඕනේ

    පියවර 2 - ඊලගට ආපේ ධාතුව. ඇලෙන වැගිරෙන ගතිය. බාහිර මුත්‍රා වගේ දෙයක්ගැන හිතනවා. බාහිර මුත්‍රා පිළිකුලයි ආපෝ ධතුව මම නොවේමගේ නොවේ. මේකයේ පිත පිලිකුලයිආපේ දාතුව දාතුවමම නොවේ මගේනොවේ මේ විදිහටසෙම සැරව ලේදාඩිය වගේ ආපෝදාතු කොටස් ටිකත්භාවනා කරන්න.

    ඊලගට තේජෝ දාතුව - රස්නය හෝ සීතලකුණු බක්කියකත් කුණුනිසා රස්නයක් ඇතිවෙනවා ඒ වගේමමේ කයේත් බැක්ටීරියාආදිය නිසා රස්නයක්ඇති වෙනවා කුණුබක්කියක ඇති රස්නයතේජෝ දාතුව මමනොවේ මගේ නොවේමේකයේ රස්නය තේජෝ ධාතුව මම නොවේමගේ නොවේ කියලාමෙනෙහි කරනවා

    ඉතිරි වෙලා තියෙන්නේ වායෝ ධාතුව. අපට ගන්දය දැනෙන්නේ වායෝ ධාතුව හරහා හුස්ම පිළිකුලයි වායෝ ධාතුව මම නොවේ මගේ නොවේ කියලා මෙනෙහි කරනවා

    මෙහෙම මෙනෙහි කරාම සිත දාතු සතරෙන්ම මිදෙනවා. මෙතරම් කාලයක් මමය මගේය කියලා අල්ලාගෙන සිටි කුණු ජරාවන්ගෙන් සිත නිදහස් වෙනවා.

    පියවර3 - දැන් සිතන්න සුභයි නිත්‍යයි සුඛයි මගේ කියන වැරදි සංඥා නිසා දස අකුසල් රැස් වෙලා අනන්ත සසර අප මහත් පීඩාවට දුකට පත් වුණා. අට්ටීයති ,හරායති ,ජිගුජජති. ඒ වැරදි සංඥා සහ ඉන් ඇති වූ දස අකුසලයට ලැජ්ජා වෙන්න පිළිකුල් කරන්න. එයට ඇති තණ්හාව පහ කරන්න.

    පියවර 4 - භාවනාවෙන් චිත්ත සමාධියක් ඇති වුණා නම් සිතන්න, නිවන විතරයි සකස් කල දෙයක් නොවන්නේ, නොකැඩෙන්නේ නොබ්දෙන්නේ. අන් සියල්ලම කැඩෙන බිදෙන නිසා මුසාවන්. තණ්හාව ක්ෂය වීම නිවනයි යනුවෙන් නිවනට මනස යොමු කර නිරෝධ සංඥාව වඩන්න.

    තෙරවන් සරණයි!

    ReplyDelete