1.සංකත.
මේ ලොකේ සංකතයි පටිච්ච සමුප්පනයි , කය දම්මයි , වය දම්මයි කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. ඒකියන්නේ සියල්ල සං + කෘත්‍යයෙන් ( සංකත ) අවිද්‍යාව තෘශ්නාව (සං) මුල් කරගත් හෙතුවලින් හටගත් එවා. මෙ ජාති ( සියලු ලෝකය ) හටගන්නේ කොහෙමද යන්නත් "පටිච්ච සමුප්පනයි " යන්නෙන් පැහැදිලි වෙනවා. සරලව කිව්වොත් ඒ ඒ ගැලපෙන දේ බැදෙන ශක්තියෙන් එකතුවෙලා ඒ ඒ ජාති නිර්මාණය වෙනවා. එතකොට ඒ ශක්තීන් රදාපවතිනකම් ඒ ඒ ජාති විද්‍යමන වෙනවා. ඒ ශක්තිය දුර්වල වෙනකොට රදාපවතින ශක්තිය දුර්වල වෙලා ක්ශය වීමට පත්වෙනවා. මෙ නිසා ක්ශය දම්මයි කියනවා. එතකොට මෙ ජාති ජරා මරන වලට පත්වෙලා වැනසිලා යනවා. එවැනි ජාතිවලට කැමැත්තෙන් බැදිලා නැවතත් කැඩෙන බිදෙන වැනසෙන ජාති හදන ශක්තියක් හදාගෙන ඉපදෙන මැරෙන වැඩපිළිවෙළක් හෙවත් වැනසෙන වැඩපිළිවෙළක් වැය දම්ම ලෙස හදාගන්නවා. ඒ නිසා "වැය දම්මයි කියනවා" මෙ තමයි සංකතයක හැටි. "මම" කියන කයෙත් "මගෙ" කියන ලොකයෙත් හැටි.
ඉතින් මෙ හෙතුන් නිසා හටගත්ත , හෙතූන් නිසා පවතින , හෙතු දුර්වල වීවමන් විනාස විමෙන් ක්ශය වෙන වැනසෙන සියල්ල ඒ ඒ හෙතුන් මත පිහිටනවා මිසක අපේ කැමැතට පවතිද ? . මේ නිසා අනිච්ච කියනවා. නමුත් අපි මෙ සංකත ගැන හිතන්නේ ඒ ආකාරයෙන් ද ? අපි ඒ සංකත වලට කැමැත්තෙන් බැදිලා එවා කැමැතට පවතින්නෙ නැතිවෙනකොට දුකට පත් වෙනවා. ඒ නිසා අනිච්ච නිසා දුක එනවා. යම් ජාතියක් , වැඩපිළිවෙළක් කැමැතට පවතින්නේ නැත්තම් , දුකත් උරුම වෙනවනම් එවා ඇසුරු කිරීම සුදුසුද ? එහෙනම් අසාර අර්ථයෙන් අනාත හෙවත් අනත්ත වෙනවා.
No comments:
Post a Comment