5. සංකත හා එහි දුක.
අපි ජීවත්වෙනව කියල කියන්නේ සංකත ඇසුරු කිරීමයි. තවත් විදිහකට ජාති ධර්ම ඇසුරු කිරීමයි. එතකොට මෙ ජාති ඇසුරු කරන්න ගිහිල්ල තමයි මාලුවා කට හින්ද නැහෙනව වගේ දුකට පත්වෙන්නේ සතර අපායට මග හදාගන්නේ. බුදුපියානන් වහන්සේ සංකත උපදින වැයවෙන හැටි පෙන්වාදුන්න ආකාරය කලින් බැලුවා. තවත් වදගත් සංකත ලක්ෂණ තුනක් පෙන්වා දෙනවා.
"උප්පාදෝ සංකත ලක්ඛනං සංකාර දුක්ඛතාය දුක්ඛතා." ඉපදීම සංකතයක ලක්ශනයක් සංකාර දුක් සහිතයි. දැන් මේ කාරනය පැහැදිලිව වැටහෙන්න ඔනා කලින් උදය වැය තුලින් මෙ බව දැක්කා. සංකාරයක් කියන්නේ හිත ,කය, වචනය උත්සාහයෙන් වීරියෙන් මෙහෙයවීමක්. මේ ක්‍රියාවලිය තුලින් තමයි සංකතයක් හට ගන්නේ.
"වැයො සංකත ලක්ඛනං විපරිනාම දුක්කතාය දුක්ඛතා" වැයවිම සංකතයක ලක්ශනයක් විපරිනාම දුක්කයෙන් යුක්තයි. මෙ ක්‍රියාවලියත් වැය තුලින් දැක්කා. කැමැතට බැදුණු සංකතත විනාශට පත්වීම විපරිනාම දුකින් යුක්තයි.
"අඥ්ඥත්තං සංකත ලක්ඛනං දුක්කතාය දුක්කතා" අන්‍ය තත්වයට හෙමත් නැත්තම අනික් දෙයකට පත්වීම දුක්ක දුක්කයෙන් යුක්තයි. ඒ කියන්නේ පැවැත්මම පෙලීමක් සහත වෙන දුකක් තුල කැමැතට පවතින්නේ නැතිව තත්වයකින් තවත් තත්වයකට පත්වීමෙන් දුකමත තවත් දුකකට පත්වීමෙන් දුක්ක දුක්ඛය විදිනවා.
No comments:
Post a Comment