7. අනිච්ච හා අනිත්‍ය
ස්තිර නැ කියන වචනයට පාලියෙන් කියන්නේ අද්දුවං කියලා. අනික අනිත්‍ය කියන්නේ නිත්‍ය නොවන හෙවත් ස්තිර නැති බවත් ඇත්ත. එක ලෝක සවබාවයක්. බුදුපියාණන් වහන්සේ සංකත ගැන පෙන්වද්දී අඥ්ඥත්තං සංකත ලක්ඛනං කියලා අන්‍යතාවය හෙවත් අනිත්‍ය බව පෙන්වනවා. එක අනිච්ච සවබාවයේම එක් ලක්ශනයක්. ලොකයේ අනිත්‍ය බවෙන් මිදෙන්න කාටවත් බැ. එක ලොක සවබාවයක් නමුත් ලොව්තුරා බුදුකෙනෙක් පහලවෙලා දේශනාකරන්නේ අනිච්ච . එක දහම් අවබෝධකරල මිදෙන්න පුලුවන් එකක්. අනිත්‍යතාවය ජාති වල සබාවයක් හා සම්බන්දයි. ඒ කියන්නේ මොහොතක් වත් එකාකර නොවන උප්පාද ,තිති , බංග වෙන සවබාවයක්.
නමුත් අනිච්ච කියන්නේ දුශ්ටියක් හා සම්බන්දයි, දුක හා සම්බන්දයි . ඒ කියන්නෙ මේ යථා ස්වබාවය නොදකින නිසාම එහි ඇසුරට යනවා, ඇලෙනවා , ගැටෙනවා , මුලාවෙනවා හැබැයි බුදුපියාණන් වහන්සේ පෙන්වාදුන්න ධර්මය පුර්ණ කරපුදාට මෙ සවබාවයෙන් මිදෙනවා ඒ නිසයි දුක කෙලවර කරන්න පුලුවන් වෙන්නේ. හැබැයි ස්තිර නැතිකමින් මිදෙන්න අරිහතුන් වහන්සේටවත් පිරිනිවන් පාන තුරු බැ.
අනෙක් කාරනය බුදුපියාණන් වහන්සේ දේශනා කරන දර්ශනය උන්වහන්සේ හො ශ්‍රවක පරිනාමයක් හැර ( කළණ මිතුරෙක් හැර - ඒ කියන්නෙ මරගඵල ලාබී උත්මයෙක් හැර) අන්‍ය දර්ශනයක නැති බව. නමුත් කෙනෙක් ගෙ ජීවිතයක්,භෟතික ජාති ස්තිරව පවතිනවද කියල අන්‍ය දර්ශනයක් දරන කෙනෙක්ගෙන් ඇහුවොත් ඔහු නිත්‍යයි කියයිද? එහෙනම් මෙ අන්‍ය දර්ශනය දරන කෙනා අර්‍ය යෙක්ද ?
නමුත් බුදුපියාණන් වහන්සේ ගේ දර්ශනය, යම් කෙනෙක් අනිච්ච දකිද, ඔහු දුක දකි , යමෙක් අනිච්ච දුක්ක දකියිද ඔහු අනත්ත හෙවත් අසාර බව දකියි. කෙනෙක් ත්‍රිලක්ශනය දකියිද ඔහු දුක්ක ආර්‍ය සත්‍ය දකියි, දුක්ක සමුදය ආර්‍ය සත්‍ය දකියි, දුක්ක නිරෝද ආර්‍ය සත්‍ය දකියි, දුක්ක නිරෝද පටිපදා ආර්‍ය සත්‍ය දකියි.එනම් සම්මා දිට්ටියට පත්වූ මර්ග ඵල ලාබියෙකි. ආර්‍ය ජාතියයෙකි. එතැන් පටන් ඔහු පරප්‍රත්‍ය රහිත (අයෙ බනක් නොඇසුනත් මග කෙලවර කරන මාර්ග ඥානය සහිත ) උත්තමයෙකි. ඔබ ඔය කියන අනිත්‍ය දන්නා අය නම් කොපමන සිටීද ? විමසා බලන්න හොයන්න ඔන තැන මෙතනයි. මෙක හරියි කියන දැඩි දුෂ්ටි පැත්තකින් තියල බුද්ධ වචනය හොයාගන්න උත්සහ කරන්න.
No comments:
Post a Comment