Tuesday, September 6, 2016

අනුත්තරං පුඥ්ඥක්කෙත්තං ලොකස්සාතී


බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා "එවං උපසංහරති" එනම් "මෙසේ උපමාකර දකින්න" කියලා නොයෙක් උපමා පෙන්වා වදාල තියනවා. එවැනි එක් ලස්සන උපමාවක් තමයි. කැලැවැහුනු බිමක් ගොවියෙක් ගොවිබ්මක් බවට පත්කරන ආකාරය. බුදුපියාණන් වහන්සේගේ අනුත්තර පින් කෙත සකස්කරන අයුරු ඒ ඇසුරෙන් පෙන්වාදෙනවා....
මෙ ලොකේ මිනිස්සු හරියට ගන කැලෑවක් වගේ. මානයෙන් ඉදිමිලා එවට රුකුල්දෙන පිරිසත් එකතුකරගෙන වල්වැදීලා ඉන්නේ. ඒ සවබාවය අනෙක් තිරිසන් කටයුතු වලට රුකුලක් වෙලා. ඉතින් කෙනෙක් බුදුපියාණන් වහන්සේ පෙන්වාදුන්න අනුත්තර පිංකෙත සකසනවානම් ගොවියෙක් තම කෙත සකසන විදිහට මුලින්ම මහ විසාල ගස් උදුරල දානව වගේ. මෙ මානය දුරු කරල නිහතමනයට පත්වෙන්න ඔන. අර මහ ගස් රුකුල් කරගෙන වැඩෙන මහ වැල් කපල දානව වගේ එවට රුකුල් දෙන පිරිසෙන් ඈත්වෙන්න ඔනේ හරියට අසත්පුරුශ සේවනයෙන් මිදෙනවා වාගේ.
කොච්චර සුවිශාල ගහක් උනත් තියුනු පිහිපාරට ඇදගෙන වැටෙනවා වගේ. මෙ නුවන නැමති පිහිපාරෙන් අසත්පුරුශ කම් මානය දුශ්චරිතය දුරු කරගන්න ඔනේ. එහෙම වනය කැපුවට පස්සේ තවදුරටත් ඒ වනය ඇසුරු කරමින් ජීවත්වෙන තිරිසන් සත්වයන්ට ජීවත්වෙන්න බැරිව උන් මග ඇරල යනව වගේ. අපේ හිතේ තියන තිරිසන් ගති දුරුවෙන්න පටන් ගන්නවා. එහෙම සුද්ද වෙච්ච සිත වගේ තමයි අර ගොවියත් අර ඉඩම සුද්ද කරලා ගොවිබිමක් බවට පත් කරන්නේ.
දැන් ඉතින් කපල සුද්ද කරපු මුඩු බිම තවත් ඉතිරිවෙලා තියන කුනු රොඩු මුල් කෑලි ගින්නෙන් දාවාහරින්න ඔනේ. අන්න ඒ වගේ අපිතුල තියන සතර අපා ගති කල්‍යාන මිත්‍ර සම්පත්තියෙන් දවා පුලුස්සා දමන්න ඔනේ . දැන් ආයේ කැලේ වැවෙන්නේ නැ වගේ සතර අපාගති නැවත මතු නොවෙන්න දුරුවෙලා යනවා.
දැන් මේ නිදහස් ඉඩම වැස්සකට අහුඋනොත් හොදා පාලුවට ලක්වෙනවා. පොශ්‍ය පදාර්ථ හෝදගෙන යනවා වටේට කානු කපලා බැමි බැදලා අරක්ෂා කරගන්න ඔන වගේ පිංකෙත සකස් කරන සත්පුරුශයා නිති අවධානයත් , අධිෂ්ඨානයත් පෙරටු කරගෙන සිත කිලිටි වීමෙන් ආරක්ශා කරගන්න ඔනා.
මෙ විතරක් බීජ පැල කරගන්න ප්‍රමනවත් මදි ඇල වේලි සකස් කරලා මේ බිමට වතුර හරවලා අර බිම තෙත් කරන්න ඔනා. අන්න ඒ වගේ කරුණා මෙත් සිසිල් ජලයෙන් සිත පෝශණය කරන්න ඔන. ඔන්න දැන් මෙ බිම බීජ පැලවෙන්න සුදුසු අවස්තාවට පත්වෙනවා වගේ. දැන් අපේ සිතටත් පුලුවන් රාග, දේශ, මොහ දුරු කරන අරිඅට මග පැල කරගන්න. මෙන්න මෙකට කියනවා "අනුත්තරං පුඥ්ඥක්කෙත්තං ලොකස්සාතී" කියලා

Sunday, September 4, 2016

7. අනිච්ච හා අනිත්‍ය


ස්තිර නැ කියන වචනයට පාලියෙන් කියන්නේ අද්දුවං කියලා. අනික අනිත්‍ය කියන්නේ නිත්‍ය නොවන හෙවත් ස්තිර නැති බවත් ඇත්ත. එක ලෝක සවබාවයක්. බුදුපියාණන් වහන්සේ සංකත ගැන පෙන්වද්දී අඥ්ඥත්තං සංකත ලක්ඛනං කියලා අන්‍යතාවය හෙවත් අනිත්‍ය බව පෙන්වනවා. එක අනිච්ච සවබාවයේම එක් ලක්ශනයක්. ලොකයේ අනිත්‍ය බවෙන් මිදෙන්න කාටවත් බැ. එක ලොක සවබාවයක් නමුත් ලොව්තුරා බුදුකෙනෙක් පහලවෙලා දේශනාකරන්නේ අනිච්ච . එක දහම් අවබෝධකරල මිදෙන්න පුලුවන් එකක්. අනිත්‍යතාවය ජාති වල සබාවයක් හා සම්බන්දයි. ඒ කියන්නේ මොහොතක් වත් එකාකර නොවන උප්පාද ,තිති , බංග වෙන සවබාවයක්.
නමුත් අනිච්ච කියන්නේ දුශ්ටියක් හා සම්බන්දයි, දුක හා සම්බන්දයි . ඒ කියන්නෙ මේ යථා ස්වබාවය නොදකින නිසාම එහි ඇසුරට යනවා, ඇලෙනවා , ගැටෙනවා , මුලාවෙනවා හැබැයි බුදුපියාණන් වහන්සේ පෙන්වාදුන්න ධර්මය පුර්ණ කරපුදාට මෙ සවබාවයෙන් මිදෙනවා ඒ නිසයි දුක කෙලවර කරන්න පුලුවන් වෙන්නේ. හැබැයි ස්තිර නැතිකමින් මිදෙන්න අරිහතුන් වහන්සේටවත් පිරිනිවන් පාන තුරු බැ.

අනෙක් කාරනය බුදුපියාණන් වහන්සේ දේශනා කරන දර්ශනය උන්වහන්සේ හො ශ්‍රවක පරිනාමයක් හැර ( කළණ මිතුරෙක් හැර - ඒ කියන්නෙ මරගඵල ලාබී උත්මයෙක් හැර) අන්‍ය දර්ශනයක නැති බව. නමුත් කෙනෙක් ගෙ ජීවිතයක්,භෟතික ජාති ස්තිරව පවතිනවද කියල අන්‍ය  දර්ශනයක් දරන කෙනෙක්ගෙන් ඇහුවොත් ඔහු නිත්‍යයි කියයිද? එහෙනම් මෙ අන්‍ය දර්ශනය දරන කෙනා අර්‍ය යෙක්ද ?

නමුත් බුදුපියාණන් වහන්සේ ගේ දර්ශනය, යම් කෙනෙක් අනිච්ච දකිද, ඔහු දුක දකි , යමෙක් අනිච්ච දුක්ක දකියිද ඔහු අනත්ත හෙවත් අසාර බව දකියි. කෙනෙක්  ත්‍රිලක්ශනය දකියිද ඔහු දුක්ක ආර්‍ය සත්‍ය දකියි, දුක්ක සමුදය ආර්‍ය සත්‍ය දකියි, දුක්ක නිරෝද ආර්‍ය සත්‍ය දකියි, දුක්ක නිරෝද පටිපදා ආර්‍ය සත්‍ය දකියි.එනම් සම්මා දිට්ටියට පත්වූ මර්ග ඵල ලාබියෙකි. ආර්‍ය ජාතියයෙකි. එතැන් පටන් ඔහු පරප්‍රත්‍ය රහිත (අයෙ බනක් නොඇසුනත් මග කෙලවර කරන මාර්ග ඥානය සහිත ) උත්තමයෙකි. ඔබ ඔය කියන අනිත්‍ය දන්නා අය නම් කොපමන සිටීද ? විමසා බලන්න හොයන්න ඔන තැන මෙතනයි. මෙක හරියි කියන දැඩි දුෂ්ටි පැත්තකින් තියල බුද්ධ වචනය හොයාගන්න උත්සහ කරන්න.

6. අනිච්ච හා චතුරාර්ය සත්‍ය


අනිච්ච සවබාවය විස්තර කලා. ඒත් ඇයි අපි අනිච්ච සවබාවය දැනගත යුත්තේ. ඒ තමයි දුකෙන් මිදෙන වැඩපිළිවෙළට එන්නනම් දුක අතිවෙන හැටි දකින්න ඔන. එහෙනම් සංකත වල සබාවයෙන් එවා හට ගැනීමෙන් , එවා වැනසීමෙන් දුකක්ම හටගන්නා බව අනිච්ච සබාවයෙන් දැක්කා. එහෙනම් දුකට හේතුව කුමක්ද ? එනම් අනිච්ච සවබාවයෙන් යුක්ත ලෝකේ අපි ඉච්ච සේ (අපිට ඔනවිදිහට ) පවත්තන්නනට යාමයි. නොවෙන දෙයක් කරන්නට යාමයි. එනම් අපේ මොඩකම , මුලාව හෙවත් මොහයයි. අනිච්ච සවබාවය දැකලා මේ ජාති එහෙමත් නැතිනම් සංකත අපිට කැමැතට පවත්වන්න බැහැ කියලා දැකල නොඇලී නොබැදී ගියනම් දුකෙන් මිදීමයි. එකට මාර්ගයක් ඇත්නම් අවිද්‍යාව තෘශ්නාව බිඳ හැරුනු දැක්මෙන් පටන්ගත් අරි අට මගයි. දැන් මෙ අනිච්ච වටහාගැනීමෙන් වටහා ගත්තේ චතුරාර්ය සත්‍යයි.

මෙ ටික වැටහුනානම් කෝ දැන් සැපයි කියන ලොකේ , දුකෙන් පිරුනු එකක් නේ. දුකෙන් පිරුනු එකකට සැපයි කියන්න ලැජ්ජ වෙන්න ඕන නේ. මෝඩකමක්නේ. හබැයි මේ ටික නොදකින කෙනාට නම් ලෝකය තරම් වටිනා දෙයක් නැ. මම මගේ කියන එවා කෙලවරක් නැ. බලාපොරොත්තු කෙලවරක් නැ.
අනිච්ච බවත් , එහෙම දෙවල් ඇසුරු කිරීමෙන් දුක එන බවත් , එ්ක හරයක් නැති අසාර වැඩපිළිවෙළක් බවත් දකින කෙනෙක් තමයි චතුරාර්ය සත්‍ය දැකලා සම්මා දිට්ටියට පත්වෙන්නේ

මෙන්න මෙතෙනට පැමිනි කෙනෙකුයි සැබැ බෞද්ධයෙක් වෙන්නේ.

5. සංකත හා එහි දුක.


අපි ජීවත්වෙනව කියල කියන්නේ සංකත ඇසුරු කිරීමයි. තවත් විදිහකට ජාති ධර්ම ඇසුරු කිරීමයි. එතකොට මෙ ජාති ඇසුරු කරන්න ගිහිල්ල තමයි මාලුවා කට හින්ද නැහෙනව වගේ දුකට පත්වෙන්නේ සතර අපායට මග හදාගන්නේ. බුදුපියානන් වහන්සේ සංකත උපදින වැයවෙන හැටි පෙන්වාදුන්න ආකාරය කලින් බැලුවා. තවත් වදගත් සංකත ලක්ෂණ තුනක් පෙන්වා දෙනවා.

"උප්පාදෝ සංකත ලක්ඛනං සංකාර දුක්ඛතාය දුක්ඛතා." ඉපදීම සංකතයක ලක්ශනයක් සංකාර දුක් සහිතයි. දැන් මේ කාරනය පැහැදිලිව වැටහෙන්න ඔනා කලින් උදය වැය තුලින් මෙ බව දැක්කා. සංකාරයක් කියන්නේ හිත ,කය, වචනය උත්සාහයෙන් වීරියෙන් මෙහෙයවීමක්. මේ ක්‍රියාවලිය තුලින් තමයි සංකතයක් හට ගන්නේ.
"වැයො සංකත ලක්ඛනං විපරිනාම දුක්කතාය දුක්ඛතා" වැයවිම සංකතයක ලක්ශනයක් විපරිනාම දුක්කයෙන් යුක්තයි. මෙ ක්‍රියාවලියත් වැය තුලින් දැක්කා. කැමැතට බැදුණු සංකතත විනාශට පත්වීම විපරිනාම දුකින් යුක්තයි.

"අඥ්ඥත්තං සංකත ලක්ඛනං දුක්කතාය දුක්කතා" අන්‍ය තත්වයට හෙමත් නැත්තම අනික් දෙයකට පත්වීම දුක්ක දුක්කයෙන් යුක්තයි. ඒ කියන්නේ පැවැත්මම පෙලීමක් සහත වෙන දුකක් තුල කැමැතට පවතින්නේ නැතිව තත්වයකින් තවත් තත්වයකට පත්වීමෙන් දුකමත තවත් දුකකට පත්වීමෙන් දුක්ක දුක්ඛය විදිනවා.

5. සංකත හා එහි දුක.


අපි ජීවත්වෙනව කියල කියන්නේ සංකත ඇසුරු කිරීමයි. තවත් විදිහකට ජාති ධර්ම ඇසුරු කිරීමයි. එතකොට මෙ ජාති ඇසුරු කරන්න ගිහිල්ල තමයි මාලුවා කට හින්ද නැහෙනව වගේ දුකට පත්වෙන්නේ සතර අපායට මග හදාගන්නේ. බුදුපියානන් වහන්සේ සංකත උපදින වැයවෙන හැටි පෙන්වාදුන්න ආකාරය කලින් බැලුවා. තවත් වදගත් සංකත ලක්ෂණ තුනක් පෙන්වා දෙනවා.

"උප්පාදෝ සංකත ලක්ඛනං සංකාර දුක්ඛතාය දුක්ඛතා." ඉපදීම සංකතයක ලක්ශනයක් සංකාර දුක් සහිතයි. දැන් මේ කාරනය පැහැදිලිව වැටහෙන්න ඔනා කලින් උදය වැය තුලින් මෙ බව දැක්කා. සංකාරයක් කියන්නේ හිත ,කය, වචනය උත්සාහයෙන් වීරියෙන් මෙහෙයවීමක්. මේ ක්‍රියාවලිය තුලින් තමයි සංකතයක් හට ගන්නේ.
"වැයො සංකත ලක්ඛනං විපරිනාම දුක්කතාය දුක්ඛතා" වැයවිම සංකතයක ලක්ශනයක් විපරිනාම දුක්කයෙන් යුක්තයි. මෙ ක්‍රියාවලියත් වැය තුලින් දැක්කා. කැමැතට බැදුණු සංකතත විනාශට පත්වීම විපරිනාම දුකින් යුක්තයි.

"අඥ්ඥත්තං සංකත ලක්ඛනං දුක්කතාය දුක්කතා" අන්‍ය තත්වයට හෙමත් නැත්තම අනික් දෙයකට පත්වීම දුක්ක දුක්කයෙන් යුක්තයි. ඒ කියන්නේ පැවැත්මම පෙලීමක් සහත වෙන දුකක් තුල කැමැතට පවතින්නේ නැතිව තත්වයකින් තවත් තත්වයකට පත්වීමෙන් දුකමත තවත් දුකකට පත්වීමෙන් දුක්ක දුක්ඛය විදිනවා.

4. උප්පාද වැය අනිච්ච


අපි බැලුවා සංකත නිසා හටගන්නා අනිච්ච ලක්ශනය. හෙතුන් නිසා හටගන්නා සංකත අපේ කැමැතට පවතින්නේ නැතිව ඒ හෙතු නිරොද වෙනකොට වැනසිලා යනවා. එතනත් සැගවුනු තැනක් තියනවා. ඒ තමා මොන හේතුන් නිසා හට ගන්නවද ? මොන හෙතුන් නිසා වැනසෙනවද කියන කාරනය. මෙක ධර්මයේ පෙන්වා දෙනවා උදය අව්‍ය ඥානය හෙවත් උප්පාද වැය ඇරෙන් අනිච්ච දකින හැටි.එනම් උදාවීමෙ ලක්ෂණය අවිද්‍යාව නිසා සංකාර , සංකාර නිසා වින්ඥාන , වින්ඥාන නිසා නාමරුප , නාමරුප නිසා සළායතන , සළායතන නිසා සංස්පර්ශ , සංස්පර්ශ නිසා වෙදනා , වෙදනා නිසා තන්හා , තන්හා නිසා උපාදාන , උපාදාන නිසා බව , බව නිසා  ජාති , ජාති නිසා ජරා මරණ සොක පරිදේව දුක් දොමනස්ස උපායාස.

ඒ වගේම වැය පෙන්නනවා අවිද්‍යාව නිරෝදයෙන් සංකාර නිරෝදය , සංකාර නිරෝදයෙන් වින්ඥාන නිරොදය , වින්ඥාන නිරෝදයෙන් නමරුප නිරොදය , නාමරුප නිරෝදයෙන් සළායතන නිරෝදය , සළායතන නිරෝදයෙන් සංස්පර්ශ නිරොදය , සංස්පර්ශ නිරෝදයෙන් වෙදනා නිරොදය ,වේදනා නිරෝදයෙන් තන්හා නිරෝදය , තන්හා නිරෝදයෙන් උපාදාන නිරොදය , උපාදාන නිරෝදයෙන් බව නිරෝදය , බව නිරෝදයෙන් ජාති නිරොදය , ජාති නිරෝදයෙන් ජරා මරණ සොක පරිදේව දුක් දොම්නස් උපායාස නිරෝදය ලෙස.

මෙ ආකාරයට අනිච්ච දැක්ක නම් යමෙක් පටිච්චසමුප්පාදය දකිද ධර්මය දකියි , ධර්මය දකියි ද මාර්ගය දකියි කියන තැනට එනවා එනම් අනිච්ච දැකීමෙන් ධර්මය දකිිනවා.

3.අනිච්ච සවබාවය


අනිච්ච සවබාවය අට්ටීයති ,හරායති ,ජිගුජජති කියලා විස්තර කරනවා. බල්ලෙක් මස්කටු ලෙව කන්නේ මොන උත්සහයකින්ද වීරියකින්ද කුසපුරවා ගන්නා බලාපොරොත්තුවෙන්ද ? නමුත් ලැබෙන ප්‍රතිපලය කුමක්ද? අපේක්ෂිත රසයවත් ලැබුවද ? කුස පිරුනද ? උත්සහයේ වීර්යේ ප්‍රතිපලයක් තිබුනද?

මෙන්න මෙ උපමවට අනුව අනිච්ච ඇසුරු කරන්න ගියාම මහා පෙලීමකට පත්වෙනවා මෙකට අට්ටීයති (ඇට කටුව ) වගේ කියනවා. මස්කටුව කනවා වගේ පෙලීමට පත්වෙලා උත්සාහය වීර්යේ ලබන ප්‍රතිපලයක් නැ. මෙකට කියනවා හරායති ( හරයක් නැ ) කියලා. පෙලිමෙන් හරයක් නැති දේ ජී ගූ ( මල මුත්‍ර ) වගේ ප්‍රතික්ශේප කලයුතු අර්ථයෙන් ජිගුජජති කියලා කියනවා.

මෙ අපි හොදයි අශ්වාදයි යහපත් කියන මම කියන සත්වයාගේත් මගෙ කියන ලොකයේත් ලක්ෂණය එහෙමත් නැත්තම් හැටි තමයි. නමු අපි මුලාවෙන් ලොකය දකින්නේ කොහෙමද  ???...

2. අනිච්ච හා සම්බන්දය


සංකත එහෙම නැත්තම් ලොකයේ ලක්ෂණ තුනක් තමයි බුදුපියාණන් වහන්සේ අනිච්ච දුක්ක අනත්ත ලෙස පෙන්වා දුන්නෙ. නමුත් ඒ යතාර්තය නොදන්න නිසාම සංකත සමග අපි ඇසුරු කරන ආකාරය අනුව සම්බදයක් ගොඩ නැගෙනවා. ඒ තමයි  ඉච්ච, සුක , අත්ත මෙ තමයි අපි ලෝකය ඇසුරු කරන විදිහ. එක මුලාවක් අැයි එහි සවබාවය අනිච්ච දුක්ක අනත්ත නිසා.

එහෙනම් කෙනෙක් මෙ යතාර්තය දකිනව නම් අනිච්ච සවබාවය නිසා දුක හිමිවෙන අසාර බැම්මෙන් මිදෙන්න පුලුවන්. එනම් අනිච්ච කියන්නෙ යතාර්තය දැකීමත් සමග එහි සම්බන්දයෙන් මිදීමෙන් දුකෙන් මිදෙන්න පුලුවන්. එයයි බුදුපියාණන් වහන්සේ පෙන්වාදුන්න දුකෙන් මිදෙන මග.

1.සංකත.


මේ ලොකේ සංකතයි පටිච්ච සමුප්පනයි , කය දම්මයි , වය දම්මයි කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. ඒකියන්නේ සියල්ල සං + කෘත්‍යයෙන් ( සංකත ) අවිද්‍යාව තෘශ්නාව (සං) මුල් කරගත් හෙතුවලින් හටගත් එවා. මෙ ජාති ( සියලු ලෝකය ) හටගන්නේ කොහෙමද යන්නත් "පටිච්ච සමුප්පනයි " යන්නෙන් පැහැදිලි වෙනවා. සරලව කිව්වොත් ඒ ඒ ගැලපෙන දේ බැදෙන ශක්තියෙන් එකතුවෙලා ඒ ඒ ජාති නිර්මාණය වෙනවා. එතකොට ඒ ශක්තීන් රදාපවතිනකම් ඒ ඒ ජාති විද්‍යමන වෙනවා. ඒ ශක්තිය දුර්වල වෙනකොට රදාපවතින ශක්තිය දුර්වල වෙලා ක්ශය වීමට පත්වෙනවා. මෙ නිසා ක්ශය දම්මයි කියනවා. එතකොට මෙ ජාති ජරා මරන වලට  පත්වෙලා වැනසිලා යනවා. එවැනි ජාතිවලට කැමැත්තෙන් බැදිලා නැවතත් කැඩෙන බිදෙන වැනසෙන ජාති හදන ශක්තියක් හදාගෙන ඉපදෙන මැරෙන වැඩපිළිවෙළක් හෙවත් වැනසෙන වැඩපිළිවෙළක් වැය දම්ම ලෙස හදාගන්නවා. ඒ නිසා "වැය දම්මයි කියනවා" මෙ තමයි සංකතයක හැටි. "මම" කියන කයෙත් "මගෙ" කියන ලොකයෙත් හැටි.

ඉතින් මෙ හෙතුන් නිසා හටගත්ත , හෙතූන් නිසා පවතින , හෙතු දුර්වල වීවමන් විනාස විමෙන් ක්ශය වෙන වැනසෙන සියල්ල ඒ ඒ හෙතුන් මත පිහිටනවා මිසක අපේ කැමැතට පවතිද ? . මේ නිසා අනිච්ච කියනවා. නමුත් අපි මෙ සංකත ගැන හිතන්නේ ඒ ආකාරයෙන් ද ?  අපි ඒ සංකත වලට කැමැත්තෙන් බැදිලා එවා කැමැතට පවතින්නෙ නැතිවෙනකොට දුකට පත් වෙනවා. ඒ නිසා අනිච්ච නිසා දුක එනවා. යම් ජාතියක් , වැඩපිළිවෙළක් කැමැතට පවතින්නේ නැත්තම් , දුකත් උරුම වෙනවනම් එවා ඇසුරු කිරීම සුදුසුද ? එහෙනම් අසාර අර්ථයෙන් අනාත හෙවත් අනත්ත වෙනවා.