ඇස,කන,නාසය,දිව,සරීරය,මන යන ඉන්ද්රිය හය රූප,ශබ්ද,ගන්ද,රස,ස්පර්ශ,ධර්ම අරමුනු ඇසුරුකරන ලෝකයා එහි අශ්වාදයේ මත් වෙයි. රා යනු මත්වීමට කියන නමකි. එ වගේම එවැනි අරමුනු අග්‍රකර (ප්‍රදාන කර) ගනිති. ලස්සන රූප හොයමින් අශ්වාදය අග්‍රකරගනිති. මිහිරි සබ්ද හොයමින් අග්‍රකරගනිති. සුවද විදීම අග්‍රකරගනිති. ප්‍රනීත ආහාර අග්‍රකරගනිති. මෘදු පහස අග්‍රකරගනිති. කැමති මනෝ බාවයන් හි සැරිසරති. අප ජීවත් වෙනවා කියලා කරන්නේ මේ ටික නොවේද?. එනම් ලෝක සත්වයා ලොකය හා බැදෙන්නේ මේ ටික හරහාය. මෙ ක්‍රියාවලියට රා + අග්‍ර කරගැනීම රාගය නම් වෙයි.
මේ අරමුනු බොහොම ප්‍රනීත,ආශ්වද ලෙස පෙන්වන්නේ අපගේ විපාක විනඥානයයි. එය යතා ස්වබාවය නොවෙයි. ඒ නිසාම බුදුපියාණන් වහන්සේ විනඥානය උපමා කලේ මායා කරුවෙකුටය. නැති දෙයක් අැති ලෙසද, ඇති දෙයක් නැති ලෙසද යතාසබාවය සගවමින් මායා දර්ශන පෙන්වීම මායා කරුගේ ස්බාවයයි. ඒ ආකාරයට විනඥානය යතා සබාවය වසන්කල ඥානයයි. විකෘති + ඥානය විනඥානයයි. ප්‍රකෘතිය නම් නිවනයි, සම්මාදිට්ටියයි. විකෘතිය නම් ලොකයයි, මුලාවයි. අනන්ත සංසාරය පුරාවට මුලාවෙන් පිරුනු ඥානයෙන් රැස්උන විනඥානය අරමුනු ඔස්සේ ඇලීමන් ගැටීමෙන් ඉදුරන් උපයෝගී කරගනමින් ඒ ඒ අරමුනු රෑස්කරයි නැවතත් විනඥානය පෝශනය කරයි. මේ නිසාම ලොකයාට ප්‍රකෘතිය සොයාගත නොහැකිව විනඥානයන්ගේ බලපෑමෙන් වෙන පෙලීමට ප්‍රතිකර්ම කරමින් ආශ්වාදය ලෙස සැරිසරති. අශ්වාදයනම් පෙලීමක් නිසා හටගන්නා උනතාවයක් බව නොහදුනති. අැසුරුකිරීම් බලාපොරොත්තුවෙන් පෙලෙති. ලැබුනු මොහොතේ උද්දාම වෙති, පිනවන්නේ යැයි සිතති. නමුත් රඳවාගත නොහැකි ඇසුර ගෙවීයන විට පෙලෙති, දැවෙති. මේ අකාරයකට ඇසුරු කිරීම ලබාගැනීමට සිතින් කයින් වචනයෙන් ක්‍රියාකරති (සංකාර). ලබාගත් ඇසුර පවත්වාගන්න සංකාර කරති. ඇසුර ගෙවීයන විට එයට ප්‍රතිකර්ම ලෙස සංකාර කරති.
දැන් බලන්න පෙලීම සැපද? සංකාර සැපද? මුලාව සැපද? විනඥානය මායාක් පෙන්වමින් සැපකියා මහා ගින්නකට ඇද දැම්මා නොවේද? මෙයට රාග ගින්න යැයි කියනු ලැබේ. ලෝකයා විනඥානය හමුවේ අසරණය.
දැන් බලන්න පෙලීම සැපද? සංකාර සැපද? මුලාව සැපද? විනඥානය මායාක් පෙන්වමින් සැපකියා මහා ගින්නකට ඇද දැම්මා නොවේද? මෙයට රාග ගින්න යැයි කියනු ලැබේ. ලෝකයා විනඥානය හමුවේ අසරණය.
මේ විකෘති ඥානය බිදින්න නම් තිලකුනු දැක සම්මා දිට්ටියට පත්වි බව උදුරා දමන තැනට පත්විය යුතුය ඒ බුදු සරණයි , එතැනට යන මග අර්යස්ටාංගික මර්ගය දහම් සරණයි , එහි සැරිසරමින් මග ලබන පල හෙවත් මර්ගපල සං(අවිද්‍යාව +තෘශ්නාව) + ඝ(බිඳහැරීම) සංඝ හෙවත් සඟ සරණයි. එනම් තෙරුවන් සරණයි .
මේ විග්‍රහය (රා + අග්‍ර = රාගය)අඩංගු මූලාශ්‍රය කුමක්ද? එසේම මෙම ව්‍යාකරණ ක්‍රමවේදය කුමක්ද?
ReplyDeleteවිකෘති ඤාණය විඤ්ඤාණය යනුවෙන් සඳහන් කොහිද? එසේ ම දීඝ නිකායේ දී භාග්‍යවතුන් වහන්සේ විඤ්ඤාණ පදයෙන් නිර්වාණය හඳුන්වා දීම ගැන අදහස?