යමක් යමකින් ආවරණය වෙලා තියනව නම් එහි අන්තර්ගතය පේන්නේ නැහැ. එහි අභ්‍යන්තරය දකින්න නම් එය විවර කරන්න ඔනා නැත්තම් සැකයක් නැතිව අභ්‍යන්තරය දකින්න බැහැ. උදාහරණයක් ලෙස යම්කිසි බදුනක් , බෑගයක් ගත්තොත් එහි මුව හෙවත් කට වැහිලා තියනව නම් එය විවෘත වෙන්නේ නැහැ. මෙන්න මෙකට කියනවා මුව හා(වැසීම) වීම, මෝහය කියලා. මොනවද වහල තියෙන්නේ හොයාබැලීම වැදගත්.
ලෝකයේ සවබාවයක් තියනවා ඒ තමා අනිච්ච, දුක්ක, අනත්ත, අසුබ නමුත් ලෝකයා ඇසුරු කරන්නේ ඉච්ච, සුක,අත්ත,සුබ වශයෙන්. අන්න ඒ නිසයි යතා සවබාවය වැහිල කියන්නේ. එහෙනම් අපි ඇත්ත දකින්නේ කොහොමද? පලමු වරට මේ ඇත්ත දකින නුවන පහල කරගන්න ඔනේ ආර්‍ය ශ්‍රවකයෙක්ගෙන් බණ අහලා නුවන පහල කරගත්තට පස්සේ. මේ අවස්තාව සම්මා දිට්ටිය හෙවත් සෝතාපන්න පලය වෙනවා. එනම් පලමු වරට රැවටීමෙන් මිදෙනවා. දැන් ඉතිං අර වැහුනු ලෝකය සම්මා දිට්ටියෙන් විදල බලනවා . එවිට රැවටුන තැන් පේනවා, මුලා දේ අතහැරෙනවා. මෙකට විද දැකීම හෙවත් විදර්ශනාව කියනවා.
එහෙනම් මේ රාග යෙන් බැදෙන්නෙත් , දෙවෙශයෙන් ගැටෙන්නෙත්, මුලාවෙන් පෙලෙන්නෙත් ඇත්ත නොදැකීම හෙවත් මුලාව නිසයි. මෙකට මෝහ ගින්න කියලා කියනවා.
No comments:
Post a Comment