හිතන්න අපි යම්කිසි දෙයක් , පුද්ගලයෙක් ගැන හොද අදහසක් කැමැත්තක් තියනවා. එහෙම තියෙන කොට ඒ පුද්ගලයා හෝ ඒ දෙය මුනගැහෙනවා. දැන් මොකද කරන්නේ ...ඒ දේ ඇසුරු කරනවා පරිහරනය කරනවා එය වටිනා දෙයකක් වෙනවා. එහෙම කැමත්තක් බාලාපොරොත්තුවක් නැති දෙයකට එහෙම වෙනවාද ?
අපි හිතමු යම්කිසි රෝගයකින් පෙලෙනවා. බෙහෙතක් හොයාගන්න අමාරු . ඒ අතර ඒ රොගයට වෙදකම් කරන්න කෙනෙක් බෙහෙතක් ගැන ආරංචියක් , කෙනෙක් මුන ගැහෙනවා දැන් කොච්චර වටිනවාද ? හැබැයි ඔය බෙහෙතම වෛද්‍යවරයාගැන එහෙම රොගයක් නැති කෙනෙකුට මුනගහෙනවා වටිනාකමක් තියෙයිද ?
මෙතන කාරනා දෙකක් තියනවා. වටිනාකම එකක් වටිනාකම නිසා ඇලුම් කිරීම , බැදීම තව එකක් . ඇලුම් කලේ බැදුනේ වටිනාකමක් දුන්න නිසයි.
අන්න ඒ වගේ දුන්න වටිනාකම තමයි සක්කාය දිට්ටිය. එනම් මෙ කය යහපත් වටිනවා කියන අදහස. යතා අවබෝදය එහෙමත් නැතිනම් හේතුපල ක්‍රියාවලිය නොදකින තාක් පුද්ගයෙක් සත්වයෙක් යන දුශ්ටියෙන් යුක්තවීම. තවත් ටිකක් ගැබුරට විමසා බැලුවෙත් පංචඋපාදානස්කන්දයට කාය හෙවත් ක්‍රියාවලියට රැවටීම.
එ් නිසා ලොකේ වැඩපිලිවලට ඇලුම් කිරීම තමයි විචිකිච්චාව . විචිකිච්චාව කියන්නේ සැකය කියලා එහි අදහස පටු කලාට එහි පරමාර්ථය නම් විකෘති + කෘත්‍ය + ඉච්චාව කියන එකයි.
ප්‍රකෘතිය නම් අනිච්චයි දුක්කයි අනත්තයි, විකෘතිය නම් ඉච්චයි සුකයි , අත්තයි.
කෘත්‍ය නම් කටයුතුයි. එහෙමත් නැත්තම් සංකාරයි. ඉච්චාව නම් කැමැත්තයි.
එනම් සරලවම කිව්වොත් ලොකේ පැවැත්මට ඇති කැමැත්තයි. පැවැත්ම කියන්නේ ලස්සන රූප බලන්න කැමැත්ත, මිහිරි ශබිද අහන්න කැමැත්ත, ප්‍රනීත සුවද විදින්න කැමත්ත, මිහිරි රස විදින්න කැමත්ත, මෘදු පහස විදින්න කැමැත්ත, එක එක සිහින , බලාපොරොත්තු වලට කැමැත්ත. මතුපිටින් පැවැත්මට කැමති නැ කියනවා. නමුත් පැවැත්ම කියන්නේ ඒවා නොවේද?
ප්‍රකෘතිය නම් අනිච්චයි දුක්කයි අනත්තයි, විකෘතිය නම් ඉච්චයි සුකයි , අත්තයි.
කෘත්‍ය නම් කටයුතුයි. එහෙමත් නැත්තම් සංකාරයි. ඉච්චාව නම් කැමැත්තයි.
එනම් සරලවම කිව්වොත් ලොකේ පැවැත්මට ඇති කැමැත්තයි. පැවැත්ම කියන්නේ ලස්සන රූප බලන්න කැමැත්ත, මිහිරි ශබිද අහන්න කැමැත්ත, ප්‍රනීත සුවද විදින්න කැමත්ත, මිහිරි රස විදින්න කැමත්ත, මෘදු පහස විදින්න කැමැත්ත, එක එක සිහින , බලාපොරොත්තු වලට කැමැත්ත. මතුපිටින් පැවැත්මට කැමති නැ කියනවා. නමුත් පැවැත්ම කියන්නේ ඒවා නොවේද?
ඒ නිසාම අනිච්ච දේවල් ඇසුරට ගිහින් පෙලෙන නිසා ඒවට පිලිසරන හොයාගෙන නොයෙක් වත් පිලිවෙත්, ඇදැහීම් , සාස්තෘ වරුන් පස්සේ යනවා. එකට කියනවා සීලබ්බත පරාමාස කියලා.
ඉතිං යතාර්තය දැක්කනම් හෙතුප්‍රත්‍යයෙන් උපදින දේ හෙතු බිදෙනකොට බිදෙන බව දැක්ක නම් එහෙම ජාති වලට ජරා මරණ උරුම බව දැක්කනම්, එහෙම දේට කැමැත්ත පෙලීමක් ඇතිකරන මුලාවක් කියල දැක්ක නම් අර වටිනවා කියපු දුශ්ටිය බිදෙනවා , සක්කාය දිට්ටිය දුරුවෙනවා. එහෙනම් ඒ විකෘති වැඩපිලිවෙලට කැමැත්ත දුරු වෙනවා. එනම් විචිකිච්චාව දුරු වෙනවා . එහෙම කෙනා සැනසීමක් හොයාගෙන අන්‍ය ලබද්දි, ඇදහීම් පස්සේ යන්නේ නැහැ. පෙලෙන දේ ඇසුරෙන් මිදීමම තමා සැනසීම නිවීම කියල දකිනවා සීලබ්බත පරාමාසයෙන් මිදෙනවා.
එහෙම දැකපු නුවන බොරු කරන්න සමතෙක් ලොකේ නැ. මක්නිසාද එය ලොකයේ යාතාර්තයම වන නිසා. ලොකයේ නිසරු බව මෙ නුවනින්ම ලොකයේ ඇසුරේම අත්දකින නිසා. ආයේ ඒ කෙනා අපහු හරවන්න කෙනෙක් නැ. වටිනවා කියන දුශ්ටිය නිසාමයි මහ පොලව තරම් පස් කදක් රැස් කලේ වටිනාකම දුරු කර දැකීම නිසාම ඉතිරි උනේ නියපොත්තට ගත්ත තරම් සුලු ටිකක්. වටිනාකමක් නැති දේවල් මොනවට ගොඩගහන්නද ? ඒ නිසා අලුතින් එකතුවීමක් නැහැ. දැනට තියන කෙලෙස් ටික දුරුකරලා දැම්මහම නියපොත්තේ තිබ්බ ටිකත් ඉවරයි.
No comments:
Post a Comment