Tuesday, May 21, 2019

ද්වේශ ගින්න

ඇස කන නාසය දිව සරීරය මන කියන ඉන්ද්‍රිය රූප ශබ්ද ගන්ද රස ස්පර්ශ දර්ම කියන අරමුනු ඇසුරු කිරීම ලොකය ඇසුරු කිරීම වෙනවා. නමුත් කැමැතට බැදිලා එනම් චන්දරායෙන් ඇසුරු කිරීම රාගය නම් වෙනවා. ඒ පිලිබද පැහැදිලි කිරීමක් කලින් පොස්ට් එකක සඳහන් කලා.
දැන් මේ රාග ඇසුර බිදෙනකොට , එකට බාදා කරනවිට, ඔනා විදිහට පවත්තන්න බැරිවෙනවිට , කව්රුත් හරි කඩා බිඳ වනසන විට සැපක් දැනෙයිද? අපි කැමැතට බැදුනු දේ ඒ විදිහට පවත්වන්න බාදා එද්දී අපි ගැටෙනවා. ඒ ගැටීම නිසා අපි පත්වෙන තවත් ස්වබාවයක් තමයි දෙවෙනි වේශය ( සවබාවය ) හෙවත් දේවේශය. මේ දෙවෙනි ඇසුර යහපත් එකක්ද? තමන්ට දෙවෙශය නැගුන අවස්තා මෙනෙහි කර බලන්න. කර කියන දේ මතක නැත. කුමන අවියක් අතට ගත්තද මතක නැත. ඉන් කුමක් මතුවට සිදුවේද කිව නොහැකිය. දැවෙයි තැවෙයි නොසන්සුන් වෙයි. දෙවෙශයෙන් කරන කියන දෑ මෙලොව විපාක දෙනවා වගේම පරලොව පාර කපන්නේ ගිනි අපායටය. එසේනම් මෙලොව පරලොව තැවෙන දැවෙන මහා ගින්නකි. ඒ නිසා දේවෙශ ගින්න ලෙස ධර්මයේ හැදින්වෙයි.
දෙවෙශයට, රාගය මෝහය ප්‍රබවය වෙයි.

No comments:

Post a Comment