ඇත්තටම මොකක්ද මෙ නිවන කියන්නේ හොයාබැලීම වැදගත්
එක් අදහසක් තමයි නිවීම සැනසීම. මොනවයින්ද නිවෙන්න ඔනේ මොනවයින්ද සැනසෙන්න ඔනේ. අපි මුලින්ම බලමු නිවීම ගැන. නිවෙන්න නම් ඇවිලීමක් ගින්නක් තියෙන්න ඔනා. ඇවිලෙනව ගිනිගන්නව දැක්කොත් නිවෙන්න නිවාගන්න පුලුවන්.
අපිට මෙ ලෝකය පේන්නේ හරි ලස්සන අාෂ්වාද තැනක් විදිහට. ලෝකය ආශ්වාද ද නැද්ද කියලා නුවනින් දැකගන්න කලින් ලෝකය කියන්නේ මොකක්ද කියලා වටහා ගන්න ඔනා. මම කියන සත්වයාගේ සංවේදක 6ක් තියනවා ඉන්ද්‍රිය කියලා. මෙ ඉන්ද්‍රිය හයෙන් තමයි හදුනාගන්නේ ලෝකය. එනම් ඇස රූප හදුනාගන්නවා, කන ශබ්ද හඳුනාගන්නවා, නාසය ගන්ද හෙවත් සුවද හදුනාගන්නවා , දිව රසය හදුනාගන්නවා , ශරිරය සපර්ෂ හදුනාගන්නවා , මනස අරමුනු හදුනාගන්නවා . එහෙනම් මුලු ලොකයම හදුනාගන්නේ ඔය ඉන්ද්‍රිය තුලින් තමයි.
බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ඉන්ද්‍රියක් 11 ආකාරයකින් දැවෙන තැවෙන බව ( එකොලොස් ගින්න ), මෙසේ ඉන්ද්‍රිය 6 x 11 = 66 අකාරයකින් දැවෙන තැවෙන සවබාවයකින් තමයි මෙ මම කියන සත්වයා ජීවත් වෙන්නේ. මෙන්න මෙ ගිනි නිවන අර්ථයෙත් නිවන කියනවා. ඒ ඇවිලෙන ගති දුරුකරල දැම්මහම සැනසීමට පත්වෙනවා.
තවත් ආකාරයක් තමයි මේ ලොකය දුකෙත් පිරිල තියන බව දැකීම. මේ ලොකෙ ජාති එහෙමත් නැත්තම් සංකත නිසා අපි පෙලෙන හැටි දැකීම. එවිට තමයි අපි දකින්නේ අපි ජීවත් වෙනව කියලා , සැපයි කියලා මහා පෙලීමක් නේද විඳින්නේ කියලා. අපේ මුලාවට අපිට නොපෙනුනාට. මෙකට කියනවා ප්‍රිය බාවය සිඳලා දුක දකිනවා කියලා. දුක පිරිසිඳ දකිනවා කියලා. එහෙනම් ලොකයත් ලොකයට හේතුවත්, ලොකයෙන් මිදීමත් , ලොකයෙන් මිදෙන මාරගයත් දැකීම. තව විදිහකට කිවොත්, දුකත් දුකටහේතුවත්, දුකෙන් මිදීමත්, දුකෙන් මිදීමේ මර්ගයත් දැකීම. මෙකට කියනවා දුක පිලිබද විද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍ය කියලා.
See Moreඅපිට මෙ ලෝකය පේන්නේ හරි ලස්සන අාෂ්වාද තැනක් විදිහට. ලෝකය ආශ්වාද ද නැද්ද කියලා නුවනින් දැකගන්න කලින් ලෝකය කියන්නේ මොකක්ද කියලා වටහා ගන්න ඔනා. මම කියන සත්වයාගේ සංවේදක 6ක් තියනවා ඉන්ද්‍රිය කියලා. මෙ ඉන්ද්‍රිය හයෙන් තමයි හදුනාගන්නේ ලෝකය. එනම් ඇස රූප හදුනාගන්නවා, කන ශබ්ද හඳුනාගන්නවා, නාසය ගන්ද හෙවත් සුවද හදුනාගන්නවා , දිව රසය හදුනාගන්නවා , ශරිරය සපර්ෂ හදුනාගන්නවා , මනස අරමුනු හදුනාගන්නවා . එහෙනම් මුලු ලොකයම හදුනාගන්නේ ඔය ඉන්ද්‍රිය තුලින් තමයි.
බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ඉන්ද්‍රියක් 11 ආකාරයකින් දැවෙන තැවෙන බව ( එකොලොස් ගින්න ), මෙසේ ඉන්ද්‍රිය 6 x 11 = 66 අකාරයකින් දැවෙන තැවෙන සවබාවයකින් තමයි මෙ මම කියන සත්වයා ජීවත් වෙන්නේ. මෙන්න මෙ ගිනි නිවන අර්ථයෙත් නිවන කියනවා. ඒ ඇවිලෙන ගති දුරුකරල දැම්මහම සැනසීමට පත්වෙනවා.
තවත් ආකාරයක් තමයි මේ ලොකය දුකෙත් පිරිල තියන බව දැකීම. මේ ලොකෙ ජාති එහෙමත් නැත්තම් සංකත නිසා අපි පෙලෙන හැටි දැකීම. එවිට තමයි අපි දකින්නේ අපි ජීවත් වෙනව කියලා , සැපයි කියලා මහා පෙලීමක් නේද විඳින්නේ කියලා. අපේ මුලාවට අපිට නොපෙනුනාට. මෙකට කියනවා ප්‍රිය බාවය සිඳලා දුක දකිනවා කියලා. දුක පිරිසිඳ දකිනවා කියලා. එහෙනම් ලොකයත් ලොකයට හේතුවත්, ලොකයෙන් මිදීමත් , ලොකයෙන් මිදෙන මාරගයත් දැකීම. තව විදිහකට කිවොත්, දුකත් දුකටහේතුවත්, දුකෙන් මිදීමත්, දුකෙන් මිදීමේ මර්ගයත් දැකීම. මෙකට කියනවා දුක පිලිබද විද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍ය කියලා.
No comments:
Post a Comment