අරමුණ , මනසිකාර, වැටහීම
අපි දන්නවා අපේ ඉන්ද්‍රිය හයක් අරමුනු හයකින් ලොකෙත් එක්ක ගනුදෙනු කරනවා. මුලින් බලමු අරමුණ කියන්නේ මොකක්ද කියලා. අර+මුණ අර කියන්නේ අරටුව. මුණය කියන්නේ උල. එහෙමත් නැත්තම් තුඩ. හරියට අපි පැනසලක් තියුනු වෙන්න උල් කලා වගේ. මෙන්න මෙ තුඩ හරි තියුනුයි. එක හරියට සකන්දය හා අවකාශය වෙන්වෙන සීමාව වාගේ. එතකොට අපේ හිතත්. මෙන්න මේ වගේ හර්ද රුපය කියන ශුද්ධ අශ්ටකය ( බුදුදහමේ පෙන්වන පරමාණුව ) මගින් තමයි අධ්‍යාත්මික ලොකයත් භෞති...න මම කියන කයත් සම්බන්ධ වෙලා තියෙන්නේ.
එතකොට අරටුව කිව්වෙ අපි දැනගන්න දෙය. අපිහිතමු ඇහෙන් රූපයක් බලනවා කියලා. ඒ මොහොතේ අරටුවක් වගේ රුපයක් තිබ්බට මනස ස්පර්ශ කරන්නේ මුන වගේ අංශු මත්‍ර කොටසක්. ඒ නිසා තමයි අරමුනක් කියන්නේ.
නමුත් මේ අංශු මාත්‍ර අරමුණක් මදි අපිට දැනගන්න ,මැනගන්න ඒ නිසා මනස මගින් කෝටිගනනක අරමුනු මනසින් සකසනවා. එකට කියනවා මන + ඉශිකාර හෙවත් මනසිකාර කියලා.
එතකොට මේ අරමුනු වලින් රුපයක් මැවෙන්නේ කොහෙමද ? අපි බලමු පැනසලක මුණ හෙවත් තුඩ මගින් සුදු කොලයක තිතක් තියලා අපිට අදහසක් ගන්න පුලුවන්ද ? අපි හතර පැත්තෙන් තවත් තිත් තියනවා ඒත් අදහසක් එනවද ? අපි තිත් 100 ක් විතර රවුමක හැඩයට තියමු දැන් අපිට මේ රවුමෙ හැඩයට තියන සීමාව දිගේ තිත් බොහො ප්‍රමානයක් තියන නිසා රවුම් හැඩය පෙනෙනවා නේද ? මේ සීමාවට වැට කියනවා මේ වැටේ කෙලවර තිත් නිසයි අපිට හැඩතලයක් පේන්නේ. ඒ නිසා වැටෙහි +ඉම වැටහීම කියලා කියනවා. ඉතින් අපිත් ඉන්ද්‍රිය තුලින් ගන්න අරමුනු වලින් මනසිකාර කරලා අදහසක් ගන්නවට වැටහීම කියනවා.
එතකොට නිවන පිලිබද වැටහීම කියන්නේ චතුරාර්ය සත්‍ය. ඇයි එහෙම කියන්නේ ලොකයත් ලොකයට හේතුවත් එහි නිරොදයත්, මාර්ගයත් කියන ලොකය කියන වැටෙහි ඉම හෙවත් කෙලවර දැනගැනීම.
එතකොට නිවන පිලිබද වැටහීම කියන්නේ චතුරාර්ය සත්‍ය. ඇයි එහෙම කියන්නේ ලොකයත් ලොකයට හේතුවත් එහි නිරොදයත්, මාර්ගයත් කියන ලොකය කියන වැටෙහි ඉම හෙවත් කෙලවර දැනගැනීම.
No comments:
Post a Comment