Sunday, October 9, 2016

අරමුණ , මනසිකාර, වැටහීම

අරමුණ , මනසිකාර, වැටහීම


අපි දන්නවා අපේ ඉන්ද්‍රිය හයක් අරමුනු හයකින් ලොකෙත් එක්ක ගනුදෙනු කරනවා. මුලින් බලමු අරමුණ කියන්නේ මොකක්ද කියලා. අර+මුණ අර කියන්නේ අරටුව. මුණය කියන්නේ උල. එහෙමත් නැත්තම් තුඩ. හරියට අපි පැනසලක් තියුනු වෙන්න උල් කලා වගේ. මෙන්න මෙ තුඩ හරි තියුනුයි. එක හරියට සකන්දය හා අවකාශය වෙන්වෙන සීමාව වාගේ. එතකොට අපේ හිතත්. මෙන්න මේ වගේ හර්ද රුපය කියන ශුද්ධ අශ්ටකය ( බුදුදහමේ පෙන්වන පරමාණුව ) මගින් තමයි අධ්‍යාත්මික ලොකයත් භෞති...න මම කියන කයත් සම්බන්ධ වෙලා තියෙන්නේ.
එතකොට අරටුව කිව්වෙ අපි දැනගන්න දෙය. අපිහිතමු ඇහෙන් රූපයක් බලනවා කියලා. ඒ මොහොතේ අරටුවක් වගේ රුපයක් තිබ්බට මනස ස්පර්ශ කරන්නේ මුන වගේ අංශු මත්‍ර කොටසක්. ඒ නිසා තමයි අරමුනක් කියන්නේ.
නමුත් මේ අංශු මාත්‍ර අරමුණක් මදි අපිට දැනගන්න ,මැනගන්න ඒ නිසා මනස මගින් කෝටිගනනක අරමුනු මනසින් සකසනවා. එකට කියනවා මන + ඉශිකාර හෙවත් මනසිකාර කියලා.
එතකොට මේ අරමුනු වලින් රුපයක් මැවෙන්නේ කොහෙමද ? අපි බලමු පැනසලක මුණ හෙවත් තුඩ මගින් සුදු කොලයක තිතක් තියලා අපිට අදහසක් ගන්න පුලුවන්ද ? අපි හතර පැත්තෙන් තවත් තිත් තියනවා ඒත් අදහසක් එනවද ? අපි තිත් 100 ක් විතර රවුමක හැඩයට තියමු දැන් අපිට මේ රවුමෙ හැඩයට තියන සීමාව දිගේ තිත් බොහො ප්‍රමානයක් තියන නිසා රවුම් හැඩය පෙනෙනවා නේද ? මේ සීමාවට වැට කියනවා මේ වැටේ කෙලවර තිත් නිසයි අපිට හැඩතලයක් පේන්නේ. ඒ නිසා වැටෙහි +ඉම වැටහීම කියලා කියනවා. ඉතින් අපිත් ඉන්ද්‍රිය තුලින් ගන්න අරමුනු වලින් මනසිකාර කරලා අදහසක් ගන්නවට වැටහීම කියනවා.
එතකොට නිවන පිලිබද වැටහීම කියන්නේ චතුරාර්ය සත්‍ය. ඇයි එහෙම කියන්නේ ලොකයත් ලොකයට හේතුවත් එහි නිරොදයත්, මාර්ගයත් කියන ලොකය කියන වැටෙහි ඉම හෙවත් කෙලවර දැනගැනීම.

ධන රින

ධන රින

ලොකයේ ධන රින කියලා මත දෙකක් තියනවා. ධන කියනවා සැප , බලාපොරොත්තු , කැමති දේට. හැබැයි මේ හැමදෙයක්ම ජරාවට මරණයට පත්වෙලා දුක,ශෝකය වේදනාව තමයි හිම්කරන්නේ එවගේම එව ඒ විදිහට තියාගන්න මොන තරම් උත්සහයක් වීරියක් ගන්නවද ? උත්සහය වීරිය සැප ද? ලොකයේ රින කියනවා අප්‍රිය අමනාප දේට. හැබැයි මේ අප්‍රිය අමනාප දේ අහිමිවීම දුක සොකය ඇතිකරන්නෙ නැ ඒ වගේම ලොකයේ යතාර්ථය අවබොධ කරන්න විශ්ව විද්‍යාලයක් වෙනවා. එකෙන් ජරා,මරණ සදහටම දුරුකරන මගක් පසක් කරගත හැකිය. ...
දැන් තීරනය කරන්න මොකක්ද ධන , රින කියලා

නිවන


ඇත්තටම මොකක්ද මෙ නිවන කියන්නේ හොයාබැලීම වැදගත්
එක් අදහසක් තමයි නිවීම සැනසීම. මොනවයින්ද නිවෙන්න ඔනේ මොනවයින්ද සැනසෙන්න ඔනේ. අපි මුලින්ම බලමු නිවීම ගැන. නිවෙන්න නම් ඇවිලීමක් ගින්නක් තියෙන්න ඔනා. ඇවිලෙනව ගිනිගන්නව දැක්කොත් නිවෙන්න නිවාගන්න පුලුවන්.
අපිට මෙ ලෝකය පේන්නේ හරි ලස්සන අාෂ්වාද තැනක් විදිහට. ලෝකය ආශ්වාද ද නැද්ද කියලා නුවනින් දැකගන්න කලින් ලෝකය කියන්නේ මොකක්ද කියලා වටහා ගන්න ඔනා. මම කියන සත්වයාගේ සංවේදක 6ක් තියනවා ඉන්ද්‍රිය කියලා. මෙ ඉන්ද්‍රිය හයෙන් තමයි හදුනාගන්නේ ලෝකය. එනම් ඇස රූප හදුනාගන්නවා, කන ශබ්ද හඳුනාගන්නවා, නාසය ගන්ද හෙවත් සුවද හදුනාගන්නවා , දිව රසය හදුනාගන්නවා , ශරිරය සපර්ෂ හදුනාගන්නවා , මනස අරමුනු හදුනාගන්නවා . එහෙනම් මුලු ලොකයම හදුනාගන්නේ ඔය ඉන්ද්‍රිය තුලින් තමයි.
බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ඉන්ද්‍රියක් 11 ආකාරයකින් දැවෙන තැවෙන බව ( එකොලොස් ගින්න ), මෙසේ ඉන්ද්‍රිය 6 x 11 = 66 අකාරයකින් දැවෙන තැවෙන සවබාවයකින් තමයි මෙ මම කියන සත්වයා ජීවත් වෙන්නේ. මෙන්න මෙ ගිනි නිවන අර්ථයෙත් නිවන කියනවා. ඒ ඇවිලෙන ගති දුරුකරල දැම්මහම සැනසීමට පත්වෙනවා.
තවත් ආකාරයක් තමයි මේ ලොකය දුකෙත් පිරිල තියන බව දැකීම. මේ ලොකෙ ජාති එහෙමත් නැත්තම් සංකත නිසා අපි පෙලෙන හැටි දැකීම. එවිට තමයි අපි දකින්නේ අපි ජීවත් වෙනව කියලා , සැපයි කියලා මහා පෙලීමක් නේද විඳින්නේ කියලා. අපේ මුලාවට අපිට නොපෙනුනාට. මෙකට ‍කියනවා ප්‍රිය බාවය සිඳලා දුක දකිනවා කියලා. දුක පිරිසිඳ දකිනවා කියලා. එහෙනම් ලොකයත් ලොකයට හේතුවත්, ලොකයෙන් මිදීමත් , ලොකයෙන් මිදෙන මාරගයත් දැකීම. තව විදිහකට කිව‍ොත්, දුකත් දුකටහේතුවත්, දුකෙන් මිදීමත්, දුකෙන් මිදීමේ මර්ගයත් දැකීම. මෙකට කියනවා දුක පිලිබද විද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍ය කියලා.
See More