Tuesday, May 21, 2019

කර්මස්ථානයක්

මෙතෙක් දාපු පොස්ට් තෙරුම් ගත්ත නම් දැන් ඒ සියල්ල කැටිකරලා මේ අදහසට එන්න පුලුවන් .
සත්වයා පෙලීම් පිඩකි, බය පිඩකි , ජරා මරණ පිඩකි අසාරයි...
ලෝකය පෙලීම් පිඩකි, බය පිඩකි , ජරා මරණ පිඩකි අසාරයි...
මේ ශරීරය පෙලීම් පිඩකි, බය පිඩකි , ජරා මරණ පිඩකි අසාරයි...
මමද සියලු සත්වයෝ දුක්ක දුක්කයෙන් නිදහස් වෙත්වා...
විපරිනාම දුක්කයෙන් නිදහස් වෙත්වා...
සංකාර දුක්කයෙන් නිදහස් වෙත්වා...
රාග ගින්නෙන් නිදහස් වෙත්වා...
දේවෙශ ගින්නෙන් නිදහස් වෙත්වා...
මෝහ ගින්නෙන් නිදහස් වෙත්වා...
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර (සුක හිත එතෙර) වෙත්වා...
ඉන්ද්‍රිය වෙත අරමුනක් එන විට ඔය අදහස මතුවෙලා විදර්ශනා වෙනවනම් එතන කර්මයට ස්ථානයක් නොවී අස්තාන වෙනවා. මේකට කරමස්තානයක් කියනවා.

මෝහ ගින්න

යමක් යමකින් ආවරණය වෙලා තියනව නම් එහි අන්තර්ගතය පේන්නේ නැහැ. එහි අභ්‍යන්තරය දකින්න නම් එය විවර කරන්න ඔනා නැත්තම් සැකයක් නැතිව අභ්‍යන්තරය දකින්න බැහැ. උදාහරණයක් ලෙස යම්කිසි බදුනක් , බෑගයක් ගත්තොත් එහි මුව හෙවත් කට වැහිලා තියනව නම් එය විවෘත වෙන්නේ නැහැ. මෙන්න මෙකට කියනවා මුව හා(වැසීම) වීම, මෝහය කියලා. මොනවද වහල තියෙන්නේ හොයාබැලීම වැදගත්.
ලෝකයේ සවබාවයක් තියනවා ඒ තමා අනිච්ච, දුක්ක, අනත්ත, අසුබ නමුත් ලෝකයා ඇසුරු කරන්නේ ඉච්ච, සුක,අත්ත,සුබ වශයෙන්. අන්න ඒ නිසයි යතා සවබාවය වැහිල කියන්නේ. එහෙනම් අපි ඇත්ත දකින්නේ කොහොමද? පලමු වරට මේ ඇත්ත දකින නුවන පහල කරගන්න ඔනේ ආර්‍ය ශ්‍රවකයෙක්ගෙන් බණ අහලා නුවන පහල කරගත්තට පස්සේ. මේ අවස්තාව සම්මා දිට්ටිය හෙවත් සෝතාපන්න පලය වෙනවා. එනම් පලමු වරට රැවටීමෙන් මිදෙනවා. දැන් ඉතිං අර වැහුනු ලෝකය සම්මා දිට්ටියෙන් විදල බලනවා . එවිට රැවටුන තැන් පේනවා, මුලා දේ අතහැරෙනවා. මෙකට විද දැකීම හෙවත් විදර්ශනාව කියනවා.
එහෙනම් මේ රාග යෙන් බැදෙන්නෙත් , දෙවෙශයෙන් ගැටෙන්නෙත්, මුලාවෙන් පෙලෙන්නෙත් ඇත්ත නොදැකීම හෙවත් මුලාව නිසයි. මෙකට මෝහ ගින්න කියලා කියනවා.

ද්වේශ ගින්න

ඇස කන නාසය දිව සරීරය මන කියන ඉන්ද්‍රිය රූප ශබ්ද ගන්ද රස ස්පර්ශ දර්ම කියන අරමුනු ඇසුරු කිරීම ලොකය ඇසුරු කිරීම වෙනවා. නමුත් කැමැතට බැදිලා එනම් චන්දරායෙන් ඇසුරු කිරීම රාගය නම් වෙනවා. ඒ පිලිබද පැහැදිලි කිරීමක් කලින් පොස්ට් එකක සඳහන් කලා.
දැන් මේ රාග ඇසුර බිදෙනකොට , එකට බාදා කරනවිට, ඔනා විදිහට පවත්තන්න බැරිවෙනවිට , කව්රුත් හරි කඩා බිඳ වනසන විට සැපක් දැනෙයිද? අපි කැමැතට බැදුනු දේ ඒ විදිහට පවත්වන්න බාදා එද්දී අපි ගැටෙනවා. ඒ ගැටීම නිසා අපි පත්වෙන තවත් ස්වබාවයක් තමයි දෙවෙනි වේශය ( සවබාවය ) හෙවත් දේවේශය. මේ දෙවෙනි ඇසුර යහපත් එකක්ද? තමන්ට දෙවෙශය නැගුන අවස්තා මෙනෙහි කර බලන්න. කර කියන දේ මතක නැත. කුමන අවියක් අතට ගත්තද මතක නැත. ඉන් කුමක් මතුවට සිදුවේද කිව නොහැකිය. දැවෙයි තැවෙයි නොසන්සුන් වෙයි. දෙවෙශයෙන් කරන කියන දෑ මෙලොව විපාක දෙනවා වගේම පරලොව පාර කපන්නේ ගිනි අපායටය. එසේනම් මෙලොව පරලොව තැවෙන දැවෙන මහා ගින්නකි. ඒ නිසා දේවෙශ ගින්න ලෙස ධර්මයේ හැදින්වෙයි.
දෙවෙශයට, රාගය මෝහය ප්‍රබවය වෙයි.

රාග ගින්න

ඇස,කන,නාසය,දිව,සරීරය,මන යන ඉන්ද්‍රිය හය රූප,ශබ්ද,ගන්ද,රස,ස්පර්ශ,ධර්ම අරමුනු ඇසුරුකරන ලෝකයා එහි අශ්වාදයේ මත් වෙයි. රා යනු මත්වීමට කියන නමකි. එ වගේම එවැනි අරමුනු අග්‍රකර (ප්‍රදාන කර) ගනිති. ලස්සන රූප හොයමින් අශ්වාදය අග්‍රකරගනිති. මිහිරි සබ්ද හොයමින් අග්‍රකරගනිති. සුවද විදීම අග්‍රකරගනිති. ප්‍රනීත ආහාර අග්‍රකරගනිති. මෘදු පහස අග්‍රකරගනිති. කැමති මනෝ බාවයන් හි සැරිසරති. අප ජීවත් වෙනවා කියලා කරන්නේ මේ ටික නොවේද?. එනම් ලෝක සත්වයා ලොකය හා බැදෙන්නේ මේ ටික හරහාය. මෙ ක්‍රියාවලියට රා + අග්‍ර කරගැනීම රාගය නම් වෙයි.
මේ අරමුනු බොහොම ප්‍රනීත,ආශ්වද ලෙස පෙන්වන්නේ අපගේ විපාක විනඥානයයි. එය යතා ස්වබාවය නොවෙයි. ඒ නිසාම බුදුපියාණන් වහන්සේ විනඥානය උපමා කලේ මායා කරුවෙකුටය. නැති දෙයක් අැති ලෙසද, ඇති දෙයක් නැති ලෙසද යතාසබාවය සගවමින් මායා දර්ශන පෙන්වීම මායා කරුගේ ස්බාවයයි. ඒ ආකාරයට විනඥානය යතා සබාවය වසන්කල ඥානයයි. විකෘති + ඥානය විනඥානයයි. ප්‍රකෘතිය නම් නිවනයි, සම්මාදිට්ටියයි. විකෘතිය නම් ලොකයයි, මුලාවයි. අනන්ත සංසාරය පුරාවට මුලාවෙන් පිරුනු ඥානයෙන් රැස්උන විනඥානය අරමුනු ඔස්සේ ඇලීමන් ගැටීමෙන් ඉදුරන් උපයෝගී කරගනමින් ඒ ඒ අරමුනු රෑස්කරයි නැවතත් විනඥානය පෝශනය කරයි. මේ නිසාම ලොකයාට ප්‍රකෘතිය සොයාගත නොහැකිව විනඥානයන්ගේ බලපෑමෙන් වෙන පෙලීමට ප්‍රතිකර්ම කරමින් ආශ්වාදය ලෙස සැරිසරති. අශ්වාදයනම් පෙලීමක් නිසා හටගන්නා උනතාවයක් බව නොහදුනති. අැසුරුකිරීම් බලාපොරොත්තුවෙන් පෙලෙති. ලැබුනු මොහොතේ උද්දාම වෙති, පිනවන්නේ යැයි සිතති. නමුත් රඳවාගත නොහැකි ඇසුර ගෙවීයන විට පෙලෙති, දැවෙති. මේ අකාරයකට ඇසුරු කිරීම ලබාගැනීමට සිතින් කයින් වචනයෙන් ක්‍රියාකරති (සංකාර). ලබාගත් ඇසුර පවත්වාගන්න සංකාර කරති. ඇසුර ගෙවීයන විට එයට ප්‍රතිකර්ම ලෙස සංකාර කරති.
දැන් බලන්න පෙලීම සැපද? සංකාර සැපද? මුලාව සැපද? විනඥානය මායාක් පෙන්වමින් සැපකියා මහා ගින්නකට ඇද දැම්මා නොවේද? මෙයට රාග ගින්න යැයි කියනු ලැබේ. ලෝකයා විනඥානය හමුවේ අසරණය.
මේ විකෘති ඥානය බිදින්න නම් තිලකුනු දැක සම්මා දිට්ටියට පත්වි බව උදුරා දමන තැනට පත්විය යුතුය ඒ බුදු සරණයි , එතැනට යන මග අර්‍යස්ටාංගික මර්ගය දහම් සරණයි , එහි සැරිසරමින් මග ලබන පල හෙවත් මර්ගපල සං(අවිද්‍යාව +තෘශ්නාව) + ඝ(බිඳහැරීම) සංඝ හෙවත් සඟ සරණයි. එනම් තෙරුවන් සරණයි .

සක්කාය දිට්ටිය , විචිකිච්චාව , සීලබ්බත පරාමාස

හිතන්න අපි යම්කිසි දෙයක් , පුද්ගලයෙක් ගැන හොද අදහසක් කැමැත්තක් තියනවා. එහෙම තියෙන කොට ඒ පුද්ගලයා හෝ ඒ දෙය මුනගැහෙනවා. දැන් මොකද කරන්නේ ...ඒ දේ ඇසුරු කරනවා පරිහරනය කරනවා එය වටිනා දෙයකක් වෙනවා. එහෙම කැමත්තක් බාලාපොරොත්තුවක් නැති දෙයකට එහෙම වෙනවාද ?

අපි හිතමු යම්කිසි රෝගයකින් පෙලෙනවා. බෙහෙතක් හොයාගන්න අමාරු . ඒ අතර ඒ රොගයට වෙදකම් කරන්න කෙනෙක් බෙහෙතක් ගැන ආරංචියක් , කෙනෙක් මුන ගැහෙනවා දැන් කොච්චර වටිනවාද ? හැබැයි ඔය බෙහෙතම වෛද්‍යවරයාගැන එහෙම රොගයක් නැති කෙනෙකුට මුනගහෙනවා වටිනාකමක් තියෙයිද ?
මෙතන කාරනා දෙකක් තියනවා. වටිනාකම එකක් වටිනාකම නිසා ඇලුම් කිරීම , බැදීම තව එකක් . ඇලුම් කලේ බැදුනේ වටිනාකමක් දුන්න නිසයි.
අන්න ඒ වගේ දුන්න වටිනාකම තමයි සක්කාය දිට්ටිය. එනම් මෙ කය යහපත් වටිනවා කියන අදහස. යතා අවබෝදය එහෙමත් නැතිනම් හේතුපල ක්‍රියාවලිය නොදකින තාක් පුද්ගයෙක් සත්වයෙක් යන දුශ්ටියෙන් යුක්තවීම. තවත් ටිකක් ගැබුරට විමසා බැලුවෙත් පංචඋපාදානස්කන්දයට කාය හෙවත් ක්‍රියාවලියට රැවටීම.
එ් නිසා ලොකේ වැඩපිලිවලට ඇලුම් කිරීම තමයි විචිකිච්චාව . විචිකිච්චාව කියන්නේ සැකය කියලා එහි අදහස පටු කලාට එහි පරමාර්ථය නම් විකෘති + කෘත්‍ය + ඉච්චාව කියන එකයි.
ප්‍රකෘතිය නම් අනිච්චයි දුක්කයි අනත්තයි, විකෘතිය නම් ඉච්චයි සුකයි , අත්තයි.
කෘත්‍ය නම් කටයුතුයි. එහෙමත් නැත්තම් සංකාරයි. ඉච්චාව නම් කැමැත්තයි.
එනම් සරලවම කිව්වොත් ලොකේ පැවැත්මට ඇති කැමැත්තයි. පැවැත්ම කියන්නේ ලස්සන රූප බලන්න කැමැත්ත, මිහිරි ශබිද අහන්න කැමැත්ත, ප්‍රනීත සුවද විදින්න කැමත්ත, මිහිරි රස විදින්න කැමත්ත, මෘදු පහස විදින්න කැමැත්ත, එක එක සිහින , බලාපොරොත්තු වලට කැමැත්ත. මතුපිටින් පැවැත්මට කැමති නැ කියනවා. නමුත් පැවැත්ම කියන්නේ ඒවා නොවේද?
ඒ නිසාම අනිච්ච දේවල් ඇසුරට ගිහින් පෙලෙන නිසා ඒවට පිලිසරන හොයාගෙන නොයෙක් වත් පිලිවෙත්, ඇදැහීම් , සාස්තෘ වරුන් පස්සේ යනවා. එකට කියනවා සීලබ්බත පරාමාස කියලා.
ඉතිං යතාර්තය දැක්කනම් හෙතුප්‍රත්‍යයෙන් උපදින දේ හෙතු බිදෙනකොට බිදෙන බව දැක්ක නම් එහෙම ජාති වලට ජරා මරණ උරුම බව දැක්කනම්, එහෙම දේට කැමැත්ත පෙලීමක් ඇතිකරන මුලාවක් කියල දැක්ක නම් අර වටිනවා කියපු දුශ්ටිය බිදෙනවා , සක්කාය දිට්ටිය දුරුවෙනවා. එහෙනම් ඒ විකෘති වැඩපිලිවෙලට කැමැත්ත දුරු වෙනවා. එනම් විචිකිච්චාව දුරු වෙනවා . එහෙම කෙනා සැනසීමක් හොයාගෙන අන්‍ය ලබද්දි, ඇදහීම් පස්සේ යන්නේ නැහැ. පෙලෙන දේ ඇසුරෙන් මිදීමම තමා සැනසීම නිවීම කියල දකිනවා සීලබ්බත පරාමාසයෙන් මිදෙනවා.
එහෙම දැකපු නුවන බොරු කරන්න සමතෙක් ලොකේ නැ. මක්නිසාද එය ලොකයේ යාතාර්තයම වන නිසා. ලොකයේ නිසරු බව මෙ නුවනින්ම ලොකයේ ඇසුරේම අත්දකින නිසා. ආයේ ඒ කෙනා අපහු හරවන්න කෙනෙක් නැ. වටිනවා කියන දුශ්ටිය නිසාමයි මහ පොලව තරම් පස් කදක් රැස් කලේ වටිනාකම දුරු කර දැකීම නිසාම ඉතිරි උනේ නියපොත්තට ගත්ත තරම් සුලු ටිකක්. වටිනාකමක් නැති දේවල් මොනවට ගොඩගහන්නද ? ඒ නිසා අලුතින් එකතුවීමක් නැහැ. දැනට තියන කෙලෙස් ටික දුරුකරලා දැම්මහම නියපොත්තේ තිබ්බ ටිකත් ඉවරයි.

අනමතග්ග භික්කවේ සංසාරෝ - පුබ්බා කොටි නපඥ්ඥාති.


අනමතග්ග භික්ඛවෙ සංසාරො..
පද වෙන්වෙන්නෙ මෙහෙම යි..
න + අමත අග්ගො භික්කවෙ සංසාරො
න(නැ) , අමත (නොමැරෙන හෙවත් අමුර්තය එනම් නිවන ), අග්ගො (අග) භික්කවෙ (සිද්ද වෙ)
පුබ්බාකෝටි න පඤ්ඤායති
පුබ්බා + කෝටි න + පඤ්ඤායති
පුබ්බා( පුර්ව), කෝටි(කෙලවර), න(නැ), පඤ්ඤායති ( පඤ්ඤාව )
එනම් සසර ගමන කෙලවර නොවේ මක්නිසාද යත් පෙර අවිද්‍යාවෙන් හෙතුවෙන් පටන් ගත් නිසා. තවත් විදිහකට කිවොත් සසර ගමන්කරන පටිච්ච සමුප්පාද චක්‍රයයි. එනම් අවිද්‍යාවෙන් පටන් ගෙන ජරා මරණ වලින් කෙළවර වීමයි. අවිද්‍යාවෙන් පටන් ගත් මග ජරා මරණ වලින් කෙලවර කරනවා මිසක නිවීම සැනසීම උදා නොකරයි. නිවීම සැනසීම හෙවත් නිවන අත්දකින්නට නම් මග ප්‍රඥාවෙන් අරම්භ කළ යුතුය.

ලෝකයේ විවිඩ ජාති හටගැනීම




ලොකයේ ද්‍රවය්‍ය වස්තුවක් ඉබේ පහලවෙනවා කිව්වොත් එක විද්‍යාවට එකග නැහැ. විද්‍යාව නම් හෙතුවකට අනුව යමක් සිද්දවෙනවා කියන එකයි. එහෙනම් මේ ලොකේ මම කිව්වත්, මගේ කිව්වත්, පේන දේත් නොපෙනෙන දේත් , සියුම් දේත්, ඝන දේත්, ගන, ද්‍රව, වායු... ඔය මොනවා කිව්වත් යමක් ලෝකයේ විද්‍යාමාන වෙන්නේ හේතුවක් මුල්කරගෙනයි. එක තමයි "හේතුප් පටිච්ච සම්බූතං" කියන්නේ.
අපි විවෘත මනසකින් මෙ ලොකේ දිහා බැලුවෙත් අපිට නොයේක් දේ පේනවා. මම කියන ශරීරයත් මගේ කියන ද්‍රව්‍ය වස්තුත් මේ නොයෙක් දේට අයිති. එකිනෙකට වෙනස් නොයේක් හැඩතල, ක්‍රියාකාරීත්වයන් එකට අයත්.
අපි දන්න නවීන විද්‍යාවේ නියමයක් තියනවා සකන්ධ සංස්ථිති නියමය කියලා. මේ නියමයට අනුව ශක්තිය නියතයක් කියනවා. ඒ අනුව කියනවා ශක්තිය විනාශ කරන්නබැහැ තියන තත්වයකින් තවත් තත්වයකට පරිවර්තනය වෙනවා. සංවෘත පද්දතියක තත්වයකින් තත්වයකට පත්උනත් බර නියතයි කියලා පාසලේ පරීක්ෂණ කලා මතක ඇති.
අපිට පැහැදිලිව පේන්න තියන කාරනයක් තමයි යම්කිසි ද්‍රව්‍යක වස්තුවක සබාවය වෙනස්වෙන්න හැඩය වෙනස්වෙන්න එක්කෝ ශක්තියක් ගැබ්වෙන්න ඔනා. එහෙමත් නැතතම ගැබ්වෙච්ච් ශක්තියක් පිටවෙන්න ඔනා.
ඒ අනුව අපිට පේනවා මේ විවිදාකාර හැඩතල ද්‍රව්‍ය වස්තු විවිාකාර ශක්ති විවිදාකාරයෙන් තියෙන්න ඔනා කියන එක. ඒ කියන්නේ ඒකාකාර ශක්තියකින් විවිදාකාර ලෝකයක් හදන්න බැ. එහෙනම් විවිදාකාර ශක්තීන්ගේ හෙතුවෙන් විවිදාකාර ද්‍රව්‍ය බිහිවෙන බවපැහැදිලියි.
එහෙනම් මේ විවිදාකාර ලොකය හැදුනුහැටි බලන්න මේ විවිදාකාර ශක්තිය හොයාගත්තානම් හරි නේද? එහෙනම් විවිදාකාර ශක්තිය ගොඩනැගෙන්නත් හෙතුවක් ඔනැ. එහෙම විවිදාකාර ශක්තිය නිපදවෙන source එක මොකක්ද ? එහෙනම් මේ විවිදාකාර ශක්ති උත්පාදකය, පරිවර්තකය , ප්‍රබවය හසුනාගැනීම වැදගත්.
සූර්යා ශක්ති ප්‍රබවය කියලා නවීන වීද්‍යාව කියනවා. ඒත් ඒ වගේම අවුරුදු මිලියන 600 කින් සූර්යා මියයනවා කියනවා. එහෙනම් සූර්යා ශක්ති ප්‍රබවයද ?
යම්කිසි කාලවකවානුවක් ශක්තිය විසුරුවා දුර්වල වෙන එකක් ශක්ති ප්‍රබවය විය හැකිද?. තවකාලීක ශක්ති ගබඩාවක් හා එහි විමෝචනයක් සදහා කියන්නේ කෝශයක් යන්නයි.
ශක්ති කෝශය නම් ශක්ති ගබඩාකරගෙන කාලයක් නිකුත් කර දුර්වල වෙන වස්තුවකි. හරියට බැටරියක් වගේ. අනෙක් කාරනය සූර්යා විවිදාකාර ශක්තිය නිකුත් කරනවාද යන්නයි. එහෙනම් පැහැදිලිව පෙනෙනවා සූර්යා ශක්ති ප්‍රබවයක් නොවන වග.
මෙ මැතක මම share කරා පරමාණු බෝම්බයක් මුහුදේ අත්හදා බලන අවස්තාවක්. එක කොච්චර බිහිසුුනුද යන්න එය දුටුවා නම් හිතේවි ග්‍රෑම් ගනනක පරමානුප්‍රමානයකින් කලහැකි විනාශය පුදුමඑලවන සුලුයි. දැනට නිපදවා අැති න්‍යශ්ටික බලය මේ ලොකය සත් වතාවක් සහමුලින් විනාශ කරන්න තරම් ප්‍රබල බවට කතාවක් නවීන විද්‍යාවම කියනවා.
අපි ගල් යුගයේ සිට මේ දක්වා දියුනුවට පැමිනි මුලික සදකයක් තමයි. මේ සංගටක හැසිරවීම. ගල් ආයුධ වශයෙන් හැසිරවූ කාලය ගල් යුගය කියනවා. ගින්දර ගල්ගෙවල් ඉට පසු මැටි සුමට ගෙවල්, ඉට පස්සේ ශක්තිමත් සිමෙන්ති ගෙවල්, ඊටත් පස්සේ දැන් වීදුරු ලස්සන මාලිගා හදන යුගයකට ඇවිත්. දැන් පැහැදිලිව පෙනෙනවා සංගටක සියුම් වෙන්න වෙන්න ඒවා හැසිරවීමෙන් ශක්තිමත් අලංකාර නිර්මානයන් බිහිවෙන බව. ඒ වගේ ඉතාම සියුම් නවීන විද්‍යාව හසුරවන ඉලෙක්ට්‍රොනික, න්‍යශ්ටික බල මගින් කරන නිර්මාණ ශක්තිමත් හා බලවත් බව. ඒ වගේම පොත් 57ක මුලු ත්‍රිපිටකය 600mb ( සාමාන්‍ය cd තැටියක ) වල ගබඩා කිරිම. මෙයින් අදහස් කලේ යමක් සියුම් වෙන්න වෙන්න එහි හැසිරීම් හා ප්‍රබල බව වැඩිවීම ඒත්තුගැන්වීමයි.
එහෙනම් බලමු විවිධාකාර ශක්ති ගොඩනගන ආකාරය ප්‍රබවය කුමක්ද යන්න. අපි හිතමු යම්කිසි කෙනෙක් යම් සිදුවීමක් පිරිසක් අතරේ කරනවා. මෙ සීදුවීම නරබණ පිරිස දිහා අපි බලා ඉන්නවා සිතමු. අපිට ඒ සිද්ධියත් එක්ක අර නරබන පිරිස දිහා බාලා ඉන්නවිට ඒ අයගේ මුහුනේ සවරෑප, ඉරියව් වෙනස්වීම කෙසේද? යමෙක් හිනාවෙනවා, තවකෙනෙක් ඔරවනවා තවකෙනෙක් තරහෙන් පුපුරනවා, තවකෙනෙක් සැහල්ලුවෙන් ඉන්නවා, තවකෙනෙක් ප්‍රතික්‍රියාවක් දක්වනවා. මේ ආකාරයට විවිධ ප්‍රතිචාර හැබැයි එකම සිද්දියක්.
එහෙනම් විවිදාකාර සවරූප අතිඋනේ එ ඒ පුද්ගලයන්ගේ විවිදාකාර මානසිකත්වය නොවේද ? එකම සිදිධියක් විවිදාකාර සවරෑප ඇතිකලේ ඒ ඒ මනසේ සවබාවය නොවේද ? එහෙනම් අපිට පැහැදිලියි මේ විවිදාකාර ශක්ති ප්‍රබවය මේ විවිධාකාර මනසේ සවබාවය බව. ඊලගට එහි ප්‍රබලතාවය බලමු .
අපි හිතමු මෙසයක් මත ඉටිපන්දමක් පත්තුකරලා තියනවා කියලා. අපිට පේන දේවල් බලමු. ඉටි ටික උණුවෙලා වශපය ඇදිලා ඇවිත් නූල දැල්වෙනවා. නූල අවට වාශ්ප කහපාටට ආලොකය පෙනෙනවා. ඒ ආලොකය අවට මේසයට පොත පතට වැටිලා ඒවත් පේනවා. තවත් එලිය විහිදෙනවද? . ඔව් තව බිත්තිවල දිලිසෙන දේ වැදිලා විහිදිලා තවත් ටිකක් ඈතට යනවා. ඒත් ඉවරද ? තවත් උවමනාවෙන් බැලුවොත් යන්තම් මිදුලටත් යනවා පෙනෙයි නමුත් ඉන් එහාට යන බවක්නම් නොපෙනෙයි. නමුත් ඊට ගොඩාක් ඈත සිටින(අපි හිතමු 500m දුර ඉදල ඉටි පන්දම දිහා බලනවා) කෙනෙක් අදුරේ සිට ඉටිපනදම දිහා බැලුවොත් එත් ආලෝක ලපයක් පේනවා නේද ?
හැබැයි එච්චර දුරක් ගිය බව මතුපිටින් පෙනුනේ නැහැ නමුත් ගිය බව පැහැදිලිව ඈත කෙනාගේ දැක්මෙන් පැහැදිලියි. එහෙනම් මෙන්නමේ පෙනෙන කෙටස හරියට අර මුහුනේ දැක්ක විවිදාකාර ඉරියවි වගේ. අහ්‍යන්තර නාමරුප . අර ඈතට ගිය කොටස අපිට නොපෙනුන බාහිර නාම රෑප.
එහෙනම් අභ්‍යන්තර කොටස සව + බාවය සබාවය (බව) කියනවා. මේ ශක්තිය විවිධ සත්වයන් භිහි කරන්න හේතුවෙනවා. හරියට ගතිය තිරිසන්නම් බවය තිරිසන් වගේ. විසිවෙච්ච කොටස විස්+ සව විශ්වය කියනවා (සව කියන්නේ තමන් කියන එක)
තමාගේ කොටස දරාගෙන ඉන්න හරියට මිදුල දක්වා ගිය කොටසට තමාගේ හැටි දරාසිටින සව + බාව +දර්ම සවබාවධර්මය කියනවා.
මේ බව ප්‍රත්‍යයෙන් ජාති හැදෙන හැටි බුදුපියාණන් වහන්සේ නම් විද්‍යාඥයාගේ පැහැදිලි කිරීමයි. නැවත මතුකලේ වහරක අභයරතනාලංකාර උත්තමන් වහන්සේයි.
මෙ ආකරයට ලෝකය ගොඩනැගෙන්නේ නවීන විද්‍යා පරමානුවට එහාගිය අටකට න්‍යායක් වු න්‍යාය+ අශ්ට න්‍යශ්ටික බලයයි. එනම් බුදුපියාණන් වහන්සේ පෙන්වාදුන්න පරමාණුවයි. ශුද්ධ අශ්ටකයයි. එනම් පටවි, ආපෝ, තේජෝ, වායෝ, වරණ, ගන්ධ, රස, ඕජා යන අශ්ටකයයි. තවදුරටත් බිඳිය නොහැකි හෙයින් ශුද්ධ අශ්ටකය ලෙස හැඳින්වෙයි.
x

Sunday, October 9, 2016

අරමුණ , මනසිකාර, වැටහීම

අරමුණ , මනසිකාර, වැටහීම


අපි දන්නවා අපේ ඉන්ද්‍රිය හයක් අරමුනු හයකින් ලොකෙත් එක්ක ගනුදෙනු කරනවා. මුලින් බලමු අරමුණ කියන්නේ මොකක්ද කියලා. අර+මුණ අර කියන්නේ අරටුව. මුණය කියන්නේ උල. එහෙමත් නැත්තම් තුඩ. හරියට අපි පැනසලක් තියුනු වෙන්න උල් කලා වගේ. මෙන්න මෙ තුඩ හරි තියුනුයි. එක හරියට සකන්දය හා අවකාශය වෙන්වෙන සීමාව වාගේ. එතකොට අපේ හිතත්. මෙන්න මේ වගේ හර්ද රුපය කියන ශුද්ධ අශ්ටකය ( බුදුදහමේ පෙන්වන පරමාණුව ) මගින් තමයි අධ්‍යාත්මික ලොකයත් භෞති...න මම කියන කයත් සම්බන්ධ වෙලා තියෙන්නේ.
එතකොට අරටුව කිව්වෙ අපි දැනගන්න දෙය. අපිහිතමු ඇහෙන් රූපයක් බලනවා කියලා. ඒ මොහොතේ අරටුවක් වගේ රුපයක් තිබ්බට මනස ස්පර්ශ කරන්නේ මුන වගේ අංශු මත්‍ර කොටසක්. ඒ නිසා තමයි අරමුනක් කියන්නේ.
නමුත් මේ අංශු මාත්‍ර අරමුණක් මදි අපිට දැනගන්න ,මැනගන්න ඒ නිසා මනස මගින් කෝටිගනනක අරමුනු මනසින් සකසනවා. එකට කියනවා මන + ඉශිකාර හෙවත් මනසිකාර කියලා.
එතකොට මේ අරමුනු වලින් රුපයක් මැවෙන්නේ කොහෙමද ? අපි බලමු පැනසලක මුණ හෙවත් තුඩ මගින් සුදු කොලයක තිතක් තියලා අපිට අදහසක් ගන්න පුලුවන්ද ? අපි හතර පැත්තෙන් තවත් තිත් තියනවා ඒත් අදහසක් එනවද ? අපි තිත් 100 ක් විතර රවුමක හැඩයට තියමු දැන් අපිට මේ රවුමෙ හැඩයට තියන සීමාව දිගේ තිත් බොහො ප්‍රමානයක් තියන නිසා රවුම් හැඩය පෙනෙනවා නේද ? මේ සීමාවට වැට කියනවා මේ වැටේ කෙලවර තිත් නිසයි අපිට හැඩතලයක් පේන්නේ. ඒ නිසා වැටෙහි +ඉම වැටහීම කියලා කියනවා. ඉතින් අපිත් ඉන්ද්‍රිය තුලින් ගන්න අරමුනු වලින් මනසිකාර කරලා අදහසක් ගන්නවට වැටහීම කියනවා.
එතකොට නිවන පිලිබද වැටහීම කියන්නේ චතුරාර්ය සත්‍ය. ඇයි එහෙම කියන්නේ ලොකයත් ලොකයට හේතුවත් එහි නිරොදයත්, මාර්ගයත් කියන ලොකය කියන වැටෙහි ඉම හෙවත් කෙලවර දැනගැනීම.

ධන රින

ධන රින

ලොකයේ ධන රින කියලා මත දෙකක් තියනවා. ධන කියනවා සැප , බලාපොරොත්තු , කැමති දේට. හැබැයි මේ හැමදෙයක්ම ජරාවට මරණයට පත්වෙලා දුක,ශෝකය වේදනාව තමයි හිම්කරන්නේ එවගේම එව ඒ විදිහට තියාගන්න මොන තරම් උත්සහයක් වීරියක් ගන්නවද ? උත්සහය වීරිය සැප ද? ලොකයේ රින කියනවා අප්‍රිය අමනාප දේට. හැබැයි මේ අප්‍රිය අමනාප දේ අහිමිවීම දුක සොකය ඇතිකරන්නෙ නැ ඒ වගේම ලොකයේ යතාර්ථය අවබොධ කරන්න විශ්ව විද්‍යාලයක් වෙනවා. එකෙන් ජරා,මරණ සදහටම දුරුකරන මගක් පසක් කරගත හැකිය. ...
දැන් තීරනය කරන්න මොකක්ද ධන , රින කියලා

නිවන


ඇත්තටම මොකක්ද මෙ නිවන කියන්නේ හොයාබැලීම වැදගත්
එක් අදහසක් තමයි නිවීම සැනසීම. මොනවයින්ද නිවෙන්න ඔනේ මොනවයින්ද සැනසෙන්න ඔනේ. අපි මුලින්ම බලමු නිවීම ගැන. නිවෙන්න නම් ඇවිලීමක් ගින්නක් තියෙන්න ඔනා. ඇවිලෙනව ගිනිගන්නව දැක්කොත් නිවෙන්න නිවාගන්න පුලුවන්.
අපිට මෙ ලෝකය පේන්නේ හරි ලස්සන අාෂ්වාද තැනක් විදිහට. ලෝකය ආශ්වාද ද නැද්ද කියලා නුවනින් දැකගන්න කලින් ලෝකය කියන්නේ මොකක්ද කියලා වටහා ගන්න ඔනා. මම කියන සත්වයාගේ සංවේදක 6ක් තියනවා ඉන්ද්‍රිය කියලා. මෙ ඉන්ද්‍රිය හයෙන් තමයි හදුනාගන්නේ ලෝකය. එනම් ඇස රූප හදුනාගන්නවා, කන ශබ්ද හඳුනාගන්නවා, නාසය ගන්ද හෙවත් සුවද හදුනාගන්නවා , දිව රසය හදුනාගන්නවා , ශරිරය සපර්ෂ හදුනාගන්නවා , මනස අරමුනු හදුනාගන්නවා . එහෙනම් මුලු ලොකයම හදුනාගන්නේ ඔය ඉන්ද්‍රිය තුලින් තමයි.
බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ඉන්ද්‍රියක් 11 ආකාරයකින් දැවෙන තැවෙන බව ( එකොලොස් ගින්න ), මෙසේ ඉන්ද්‍රිය 6 x 11 = 66 අකාරයකින් දැවෙන තැවෙන සවබාවයකින් තමයි මෙ මම කියන සත්වයා ජීවත් වෙන්නේ. මෙන්න මෙ ගිනි නිවන අර්ථයෙත් නිවන කියනවා. ඒ ඇවිලෙන ගති දුරුකරල දැම්මහම සැනසීමට පත්වෙනවා.
තවත් ආකාරයක් තමයි මේ ලොකය දුකෙත් පිරිල තියන බව දැකීම. මේ ලොකෙ ජාති එහෙමත් නැත්තම් සංකත නිසා අපි පෙලෙන හැටි දැකීම. එවිට තමයි අපි දකින්නේ අපි ජීවත් වෙනව කියලා , සැපයි කියලා මහා පෙලීමක් නේද විඳින්නේ කියලා. අපේ මුලාවට අපිට නොපෙනුනාට. මෙකට ‍කියනවා ප්‍රිය බාවය සිඳලා දුක දකිනවා කියලා. දුක පිරිසිඳ දකිනවා කියලා. එහෙනම් ලොකයත් ලොකයට හේතුවත්, ලොකයෙන් මිදීමත් , ලොකයෙන් මිදෙන මාරගයත් දැකීම. තව විදිහකට කිව‍ොත්, දුකත් දුකටහේතුවත්, දුකෙන් මිදීමත්, දුකෙන් මිදීමේ මර්ගයත් දැකීම. මෙකට කියනවා දුක පිලිබද විද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍ය කියලා.
See More